Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Moody’s ශ‍්‍රී ලංකාව යලිත් පහත දමයි.. ණය ගෙවීම දැඩි අවදානම්.. ආර්ථිකය පල්ලමටලු…

  ලෝ ප්‍රකට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s ආයතනය විසින් නැවත වතාවක් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වලින් පහත දමා තිබේ. එම ආ...


 ලෝ ප්‍රකට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Moody’s ආයතනය විසින් නැවත වතාවක් ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් වලින් පහත දමා තිබේ.

එම ආයතනය හඳුන්වා දී ඇති නවතම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව Caa1 ඛාණ්ඩය දක්වා පහත දමා ඇත.

ඔවුන් එමගින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි.

දිගින් දිගටම ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පහළ වැටෙනු ඇති බව ද මූඩීස් පුරෝකතනය කරයි.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අස්ථාවරත්වය අඛණ්ඩව නරක අතට හැරෙමින් පවතින බවද බාහිරින් ප්‍රාග්ධනය ගලා ඒම කැපී පෙනෙන ලෙස ඉහළ නැංවීමට සමත් නොවන්නේ නම් ඉදිරි වසර දෙක තුන කාලය තුළ විදේශ විනිමය සංචිතය තවදුරටත් පහළ වැටෙනු ඇතැයි ඔවුනගේ තක්සේරුවයි.

අදාළ වාර්තාව මෙතනින්…

lankacnews

No comments

Ads Place