Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිවසේ සිටි කොරෝනා ආසාදිතයෙකු ගෙන යාමට පැමිණි සුවසැරියට බැන වැදී පලායයි…

  අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ කොරෝනා අසාදිතව නිවසේ සිටි පුද්ගලයෙකුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යාමට පැමිණි 1990 සුවසැරිය ගිලන්රථ රියදුරෙකු ...

 


අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ කොරෝනා අසාදිතව නිවසේ සිටි පුද්ගලයෙකුව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යාමට පැමිණි 1990 සුවසැරිය ගිලන්රථ රියදුරෙකු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුට එම රෝගියාගේ පාර්ශවයෙ පුද්ගලයෙකු බැන වැදී ඇතැයි කියන සිද්ධියක් වාර්තා වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොරෝනා පැතිරයාම වැළැක්වීම ඒකකයේ නිලධාරියෙකු 13 පස්වරුවේ සඳහන් කළහ .

කෙසේ වෙතත් එම කාර්ය මණ්ඩලය එම ආසාධිත රෝගියා එම ගිලන් රථයෙන් රැගෙන ගොස් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර සෞඛ්‍ය කාර්යයෙ වගකීම් ඉටු කර ඇති බවත් වාර්තා වේ .

මෙලෙස එම ගිලන් රථ කාර්ය මණ්ඩලයේ පුද්ගලයන්ට බැන වැදී ඇත්තේ අවට පුද්ගලයන්ද බලා සිටියදී ය.

මෙලෙස බැණවැදී පළා ගොස් සිටින සැකකරු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර කිරිමට කටයුතු කරන බව එම පොලිස් නිලධාරියා කීහ .

lankacnews

No comments

Ads Place