Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්මන්පිලට විරුද්ද විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකකින් පරදවනවා…

  උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කිරීමට කටයුතු කරන බව සංචාරක ...

 


උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කිරීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය  රණතුංග මහතා පවසයි.

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ  ආරම්භ කළ  විශාලතම සංවර්ධන  ව්‍යාපෘතිය වන  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය  නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ  ඉදිකිරීම් කටයුතු අමාත්‍ය වරයාගේ නිරීක්ෂණයට ලක්වූ අතර යහපාලන රජයේ අදූරදර්ශී පාලනය හේතුවෙන් ප්‍රමාදයට ලක්වූ මෙම ව්‍යාපෘතිය ඉදිරි වසර තුන ඇතුළත ජනතා අයිතියට පත් කරන බව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වර්තමාන මගීන් හැසිරවීමේ ධාරිතාව වසරකට මගින්  මිලියන 06 ක් වන අතර  අලුතින් ඉදිවන දෙවන මගී පර්යන්තය මගින්  වාර්ෂිකව හසුරුවන මගින් සංඛ්‍යාව මිලියන 15ක් දක්වා වැඩි කිරීම  නව ව්‍යාපෘතියේ අරමුණයි.

ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගුවන්තොටුපළේ ආරක්ෂාව කාර්යක්ෂමතාවය සහ පාරිභෝගික සේවා පුළුල් කෙරෙන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

ගුවන්තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් රජයෙන් යෙන් මිලියන 74313 ක ණය මුදලක් ලබාදී ඇති අතර එහි පළමු අදියර  සඳහා  රජය වැය කරන මුදල රුපියල් බිලියන 108කි.

පළමු අදියර යටතේ දෙවන මගී පර්යන්ත ගොඩනැගිල්ල හා ඊට  සම්බන්ධ ගොඩනැගිලි , මගී පාලම් , උස් කරන ලද මාර්ග, විදුලි බලය ,ජල සැපයුම් සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය,  දහන යන්ත්‍ර සහ සංයුක්ත යන්ත්‍රෝපකරණ ඇතුළත්ව මහල් පහකින් යුක්ත රථගාලක් ද ඉදිකිරීමට නියමිතව තිබේ.

මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ දුරස්ථ යාත්‍රාංගණය සහ බැහෑලුම් පථ ඉදිකිරීම් කටයුතු   ලබන සැප්තැම්බර් මාසය වන විට  අවසන් කිරීමට නියමිත අතර , ප්‍රවේශ මාර්ගය , රැඳවුම් පොකුණ, සහ වැසි ජල අපහරණ පද්ධතිය වැනි යටිතල පහසුකම් සංවර්ධන කටයුතු වලින් 80% පමණ මේ වන විටත් අවසන් කර ඇත.

ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් බිලියන 6 කි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා-

ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයේ  ඉදිකිරීම් කටයුතු   වසර තුනකින්  අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ගුවන් තොටුපළ වසා දැමීම නිසා යම් යම් ප්‍රමාදයන් ඇති වුණත් නියමිත කාලයට ව්‍යාපෘතිය අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

2014 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ කාලයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කලා. එය අවසන් කිරීමට නියමිතව තිබුණේ 2018 වසරේ.

පසුගිය යහපාලන රජයේ අදුරදර්ශී වැඩපිළිවෙළ නිසා මෙම ව්‍යාපෘතිය ප්‍රමාද වුණා.

වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව අලුත් කැබිනට් පත්‍රිකාවක් තුළින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරලා ඉදිකිරීම් කටයුතු කරගෙන යනවා.

සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන්   මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගේ මැදිහත් වීමෙන් එන්නත් කරන වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක කරලා රටේ ජනගහනයෙන් සියයට හැටකට එන්නත් කරනය කිරීම නොවැම්බර් මාසේ අග වෙනකොට අවසන් කරනවා.

අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට එන්නත ලබා දීලා සංචාරක ක්ෂේත්‍රයේ සියලු දෙනාටත් එන්නත ලබා දෙන්න මේ වෙනකොට කටයුතු කරමින් තිබෙනවා.

සංචරණ සීමා ලිහිල් කිරීම හරහා ඉදිරියේදී සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පටන් ගන්නවා.

මේ වෙනකොටත් දවසකට සියයක්  පමණ  ප්‍රමාණයක් සංචාරකයින් පැමිණෙමින් තිබෙනවා .

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දී ජනතාවට පොරොන්දු වූ සහන ලබා දෙන්නේ දැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා –

බැසිල් රාජපක්ෂ මහතා තාම පාර්ලිමේන්තුවේ දිවුරුම් දීලා  සතියයි. දරුවෙක් ලැබෙන්නත් මාස නවයක් යනවා. ඉදිරියටත් බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ වගකීම් නිසි කාලෙට නිසි ආකාරයට ඉටු කරන බව විශ්වාසයි. ඒ සැලසුම් සහගත  ක්‍රියාවලියේ දී විශේෂ වෙනස්කම් රැසක් ඉදිරියේ දී සිදු වෙන්න ඉඩ තිබෙනවා.

වෘත්තිය සමිති මර්දනය සම්බන්ධයෙන් අදහස්  දැක් වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා –

වෘත්තීය සමිති මර්දනය කිරීමට අපි කිසිසේත්ම එකඟ වෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ කියන්නේ වෘත්තීය සමිති නායකයෙක්.

යම් යම් ආයතන වලින් සමහර වැරදි තීරණ ගන්න පුළුවන් අපි ඒක පිළිගන්නවා.

නමුත් හැමෝම පිළිගත යුතු එක දෙයක් තිබෙනවා. ඒ තමයි මේ කොරෝනා ව්‍යසනය  ලංකාවට සීමා වූ දෙයක් නෙවෙයි කියන එක.

නිරෝධායන වැඩපිළිවෙල සහ  සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ආරක්ෂා කරගෙන කටයුතු කරන එක අපි හැමෝගෙම  වගකීමක්.

ගුරුවරු බොහෝ දෙනෙක් පාසල්වල දරුවෝ තමන්ගේ දරුවෝ හැටියට සලකලා කටයුතු කරනවා. කවදාවත් පන්තියකට පාසලකට ගිහිල්ලා උගන්නන්නෙ නැති අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න ඇතැම් පිරිස් තමයි මේ ආකාරයට ගෙදර ඉන්න දරුවන්ගෙන් පළිගන්න විදිහට වැඩ කරන්නේ.

විවිධ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව  ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන්  මාධ්‍යවේදීන් යොමු කළ ගැටලුවලට පිළිතුරු දුන්  අමාත්‍යවරයා –

ආන්ඩුවේ කිසිම අර්බුදයක් නැහැ. ආන්ඩුවේ අර්බුදයක් තියෙනවා කියලා මවාපාන්න ඇතැම් පිරිස් උත්සාහ  කරාට එවැනි කිසිම දෙයක් අපි දකින්නේ නැහැ.

උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

lannkacnews

No comments

Ads Place