Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියානු විචාරකයා ලංකාව බින්දුවට දමයි!

  ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විටත් ඉතාමත් දුර්වල කණ්ඩායමක් බවට පත්ව ඇති නිසා ඉන්දීය දෙවැනි පෙල කණ්ඩායමට හෝ තර්ජනයක් එල්ල කිරීමට...

 


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විටත් ඉතාමත් දුර්වල කණ්ඩායමක් බවට පත්ව ඇති නිසා ඉන්දීය දෙවැනි පෙල කණ්ඩායමට හෝ තර්ජනයක් එල්ල කිරීමට වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයකු සහ හිටපු ඉන්දීය ආරම්භක පිතිකරුවකු වන ආකාශ් චොප්රා පවසා තිබෙනවා.


ප්‍රමුඛ පෙළේ ඉන්දීය ක්‍රීඩා වෙබ් අඩවියක් සමඟින් පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ආකාශ් චොප්රා මේ බව සඳහන් කර තිබෙනවා.


වැඩි දුරටත් ඔහු සඳහන් කරන්නේ , “මේ වන විට ශ්‍රී ලංකාව සතුව එක්දින කණ්ඩායම් දෙකක් සිටිනවා. එක් කණ්ඩායමක් එංගලන්ත සංචාරය නිමා කිරීමෙන් අනතුරුව තම නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුව ඇති නිසා අනෙක් දෙවැනි පෙළ කණ්ඩායම දඹුල්ල ආශි්‍රතව තම පුහුණුවීම් සිදුකරන බව පැවැසෙනවා. කෙසේ නමුත් මගේ අදහස වන්නේ ශ්‍රී ලංකා පළමු පෙළ ජාතික කණ්ඩායමත් මේ වන විට තරමක් දුරට දුර්වල වී තිබෙනවා.” යනුවෙන්.


එමෙන්ම අදාල සම්මුඛ සාකච්ඡාව මඟින් අවසන් වශයෙන් අදහස් දක්වා තිබූ ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයා පවසා තිබුණේ මෙවැන්නකි. “මෙවැනි වාතාවරණයක් තුළ පෙරළියක් සිදුවේ යැයි අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා දෙවැනි පෙළ කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කළත් මේ අවස්ථාවේදී ඉන් මෙම තරගාවලියේ ප්‍රතිඵලයට කිසිදු බලපෑමක් සිදුවේ යැයි මම සිතන්නේ නැහැ. ඒ අනුව මෙම තරගාවලියේදී ඉන්දියාවට කිසිදු සටනක් දීමට ශ්‍රී ලංකා කණ්ඩායම් අපොහොසත් වන පසුබිමක මෙම තරගාවලියෙන් අපේක්ෂිත ආකර්ෂණය ලඟාකර ගත හැකි වේ යැයි මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම ඉන්දීය දෙවැනි පෙළ කණ්ඩායමට එරෙහිව එක් තරගයක් හෝ ජය ගැනීමට ශ්‍රී ලංකා පළමු පෙළ කණ්ඩායම සමත් වුවහොත් එය ප්‍රාතිහාර්යයක් ලෙස සැළකිය හැකියි. ඊට හේතුව ශ්‍රී ලංකා පළමුපෙළ කණ්ඩායමට වඩා මෙම තරගාවලියට ඉදිරිපත් කර ඇති ඉන්දීය දෙවැනි පෙළ කණ්ඩායම ඉදිරියෙන් සිටීමයි.”

noizetv

No comments

Ads Place