Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැහැරගෙන ගිය සිය දරුවා සොයමින් වසර 24ක් පුරා කිලෝමීටර් ලක්ෂ 05ක් ගමන් කළ පියෙකුට නොසිතු අයුරින් අත්විදීමට සිදුවූ දේ

  මිට වසර 24කට පෙර මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන යන ලද සිය පුත්‍රයා සොයා යතුරුපැදියෙන් කිලෝමීටර් ලක්ෂ 05ක් ඉක්මවා ගමන් කළ පුද්ගලයෙකුට...

 


මිට වසර 24කට පෙර මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන යන ලද සිය පුත්‍රයා සොයා යතුරුපැදියෙන් කිලෝමීටර් ලක්ෂ 05ක් ඉක්මවා ගමන් කළ පුද්ගලයෙකුට අවසානයේදී තම පුත්‍රයා සොයා ගැනීමට හැකිවීමේ පුවතක් චීනයෙන් වාර්තා වනවා.


1997 වර්ෂයේ චීනයේ ෂැන්ඩොං ප්‍රාන්තයේ පිහිටි සිය නිවස ඉදිරිපිටදී එවකට දෙහැවිරිදි දරුවාව මිනිස් ජාවාරම්කරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බවයි දරුවාගේ පියා වන 51 හැවිරිදි ගුඕ ගංග්ටැං උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.


මෙම දරුවාගේ අතුරුදහන් වීමේ සිදුවීම පාදක කර ගනිමින් 2015 වර්ෂයේ දී Lost and Love නමින් චිත්‍රපටයක් ද සිනමාවට නැගු අතර ඊට හොංකොං හි සුපිරි රංගන ශිල්පියෙකු වන ඇන්ඩි ලෝ රංගනයෙන් දායකත්වයෙන් එක්විය.


චීනයේ ළමා පැහැරගෙන යාම් සිදුවීම් විශාල ගැටලුවක් වන අතර සෑම වසරකම එවැනි සිදුවීම් දහස් ගණනක් වාර්තා වන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටින්නේ.


පැහැරගෙන යනු ලැබූ මෙම දරුවා සොයා ගැනීමට හැකිව ඇත්තේ සිදුකළ DNA පරීක්ෂණයකින් බවයි චීනයේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ. මේ අතර දරුවා පැහැරගෙන යාමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද පසුව අත්අඩංගුවට ගෙන ඇත. 


සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැතත් චීනයේ ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ පැහැරගෙන ගිය දරුවා අසල්වැසි පළාතක් වන හේනාන් හි පදිංචිව සිටි බවයි. මෙම සති අන්තයේ දී පළමු වරට පැහැරගෙන ගිය දරුවා සිය පියා සමග එක්වීමට නියමිතව ඇත.


1997 වර්ෂයේදී සිය පුත්‍රයා පැහැර ගැනීමෙන් පසු පියා වන ගුඕ ගංග්ටැං යතුරුපැදියකින් චීනයේ ප්‍රාන්ත 20 කට අධික සංඛ්‍යාවකට ගමන් කරමින් තම දරුවා සොයා ඇති අතර එම ගමන් වලදී ඔහු රිය අනතුරු කිහිපයකට ද ගොදුරු වීමෙන් තුවාල ලබා තිබු අතර අධිවේගී මාර්ග වල සිටි මංකොල්ලකරුවන් රැසකට මුහුණදී ඇත. කිලෝමීටර් ලක්ෂ 05කට අධික ප්‍රමාණයක් ගමන් කරමින් සිය පුත්‍රයා සෙවීමේ මෙහෙයුමේදී යතුරුපැදි 10කට හානි සිදුවී ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.


" පැහැරගෙන ගිය මගේ පුත්‍රයාගේ පින්තූරයක් සහිත බැනරයක් රැගෙන මම එම ගමන ගියේ. මම උපයා ගත් මුදල් සියල්ල මේ වෙනුවෙන් වැය කළා. ඇතැම් අවස්ථාවලදී මුදල් නොමැතිව හිඟා කෑ අවස්ථා නැතුවාද නොවේ. ඒ වගේම පාලම් යට නිදා ගත් අවස්ථා එමටයි. නමුත් අවසානයේදී මම සතුටු වෙනවා. මගේ පුතා සොයා ගන්න ලැබිලා. මට ඒ ඇති" පුරා වසර 24ක් සිය දරුවා සොයා කැපවූ  ගුඕ ගංග්ටැං ප්‍රකාශ කර සිටිනවා.


සිය පුතා සොයමින් සිටියදී, ඔහු චීනයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් වන සංවිධානවල ප්‍රමුඛ සාමාජිකයෙකු බවට පත්ව ඇති අතර, පැහැරගත් දරුවන් 07 දෙනෙකුට සිය දෙමව්පියන් සමඟ නැවත එක්වීමට ඔහු විසින් උපකාර කර ඇත.


චීනයේ ළදරුවන් පැහැරගෙන යාම සහ ජාවාරම කිරීම දශක ගණනාවක් තිස්සේ එරට මුහුණ දී ඇති ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කර සිටින්නේ.

nethnews

No comments

Ads Place