Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදේශ මුදල් රටින් පිටවීම වැළැක්වීමට තවත් රෙගුලාසි

  විදෙස් මුදල් මෙරටින් පිටවීම සීමාකිරීම සඳහා වන රෙගුලාසි කිහිපයක් ඇතුළත් වන පරිදි නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා...

 


විදෙස් මුදල් මෙරටින් පිටවීම සීමාකිරීම සඳහා වන රෙගුලාසි කිහිපයක් ඇතුළත් වන පරිදි නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.  


ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඇති වත්කමකින්, මුදල් ත්‍යාග ලෙස විගාමිකයෙකු ලද අරමුදල්වලින් සංක්‍රමණික දීමනාව යටතේ එවන අරමුදල් ආපසු සියරට යැවීම අත්හිටුවා තිබෙනවා.


එමෙන්ම විගාමිකයින්ගේ අරමුදල් ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 10,000ක් හෝ ඒ සමාන ප්‍රමාණයක් දක්වා සීමා කිරීමටයි රෙගුලාසි පනවා ඇත්තේ. පොදු අවසරය යටතේ විගාමිකයින් සඳහා සුදුසුකම් ලත් සංක්‍රමණික දීමනාව අමෙරිකානු ඩොලර් 30,000 හෝ ඒ සමාන උපරිමයක් දක්වා සීමා කර ඇති බව ද ගැසට් නිවේදනයේ සඳහන්.


විගාමිකයින් අර්ථ සාධක අර්මුදල්, විශ්‍රාම වැටුප් හෝ එවැනි ප්‍රතිලාභ ආපසු සියරට යැවීම අමෙරිකානු ඩොලර් 30,000ක් හෝ ඒ හා සමාන උපරිමයකට යටත් කිරීමට අදාළ ගැසට් නිවේදනයෙන් පියවර ගෙන තිබෙනවා.


ශ්‍රී ලංකාවෙන් පිටත වෙනත් රටක නේවාසික හෝ තාවකාලික නේවාසික වීසා ලබා ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රතිමුඛ ප්‍රේෂණ හෝ විදේශ විනිමය නිකුත් කිරීම අමෙරිකානු ඩොලර් 20,000ක උපරිමයක් දක්වා ද සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.


මේ අතර රජය වෙනුවෙන් ණය ලබාදුන් ප්‍රධාන බැංකු පද්ධතිය අවදානමකට ලක්ව ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය වර්ගීකරණ ආයතනයක් වන ෆිච් රේටින් ආයතනය පවසනවා.


විදේශ විනිමය මගින් රජය විශාල ලෙස නිකුත් කර ඇති සුරැකුම් පත් ප්‍රමාණය හා ප්‍රාග්ධනය දුර්වල වීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි එම ආයතනය පෙන්වා දෙන්නේ. 2020 වසර වනවිට ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය සතුව ඇති වත්කම්වලින් තුනෙන් එකක් රජයට විවෘතව ඇති බව ද එහි සඳහන්.


රටේ මූල්‍ය ස්ථාවරත්වය අඩුවන විට රජය වෙනුවෙන් ණය ලබාදුන් බැංකුවල අස්ථාවරත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි පැවසෙන්නේ. කෙසේවෙතත් කුඩා බැංකුවලට මෙම තත්ත්වය බලනොපාන බව ද සඳහන්.

nethnews

No comments

Ads Place