Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැරියක් ලක්ෂ 3කට විකිණූ මිහින්තලේ උප සභාපති ලිංගික බෙලහීනතාවයෙන් බව අධිකරණයේදී කියයි..

  බම්බලපිටිය ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක් තුළදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම හා ලිංගික අපයෝජනය කිරීම යන චෝදනා යටතේ...

 


බම්බලපිටිය ප‍්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක් තුළදී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම හා ලිංගික අපයෝජනය කිරීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ පිහිටි පළාත් පාලන ආයතනයක (ප‍්‍රාදේශීය සභාවක) උප සභාපතිවරයකු ලෙස කටයුතු කරන සැකකරුවකු ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය ඊයේ (01දා) පස්වරුවේ නියෝග කළාය.

එම සැකකරු ආවරණය කොට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර එම දැරියව ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ ව්‍යාපාරිකයකු ඇතුළු තවත් සැකකරුවන් සිව්දෙනකු ද එදින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය. සැකකාර උප සභාපතිවරයා කොළඹට පැමිණි අවස්ථාවකදී තැරැුව්කරුවකු මාර්ගයෙන් එකී දැරියව හෝටල් කාමරයකට රැුගෙන ගොස් ඇති බවත් මන්තී‍්‍රවරයකු ලෙස හඳුන්වා දුන් එම පුද්ගලයා එම කාමරය තුළදී තමා සමග ලිංගිකව හැසිරුණ බවත් පසුව ඔහුගේ ජංගම දුරකථන අංකය පවා ලබාදුන් බවටත් දැරිය ප‍්‍රකාශ ලබාදී ඇති බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කාන්තා හා ළමා කාර්යංශය අධිකරණයට පෙන්වා දුන්නේය.

සැකකාර උප සභාපතිවරයා දේශපාලන කටයුතු සඳහා කොළඹට පැමිණෙන අවස්ථාවලදී හෝටල්වල නවාතැන් ගන්නා බව පැවසූ මුත් ඔහුට එරෙහිව නගන චෝදනාව තරයේ ප‍්‍රතික්‍ෂේප කරන බවත් ලිංගික බෙලහීනතාවකින් පෙළෙන ඔහු ඒ සඳහා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වෛi ප‍්‍රතිකාර ලබන බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටෙරි ප‍්‍රනාන්දු මහතා අධිකරණයට පැවසීය.

ඔහු එකී රෝගී තත්ත්වයට ප‍්‍රතිකාර ලබන බවට සනාථ කළ හැකි වෛi සහතික ඉදිරිපත් කිරීමට සූදානම් බවද එහිදී අධිකරණයට පැවසූ නීතිඥ ටෙරි ප‍්‍රනාන්දු මහතා හඳුනා ගැනීමේ පෙරට්ටුව අද (02) දිනයේ පවත්වන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පැමිණිල්ල නගන චෝදනාව සනාථ කිරීමට අවශ්‍ය කිසිදු ප‍්‍රවර්ධන සාක්‍ෂියක් හෝ පරිවේෂණීය සාක්‍ෂියක් ඉදිරිපත් කොට නොමැති බැවින් එම චෝදනාවේ කිසිදු නෛතික වලංගුභාවයක් නොමැත්තේ යැයි ද නීතිඥවරයා එහිදී අධිකරණයට පැවසූ අතර දෙදෙනකු අතර කාමරයක් තුළදී සිදුවූ යම් හැසිරීමක් සම්බන්ධයෙන් ප‍්‍රවර්ධන සාක්‍ෂියක් ඉදිරිපත් කළ හැක්කේ දැයි අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාගෙන් විමසා සිටියාය.

එම දැරිය සිය නිල මැදිරියට ඉදිරිපත් කළ අවස්ථාවේදී තමා හොඳින් ඇය නිරීක්‍ෂණය කළ බවත් දීර්ඝ කාලයක් තිස්සේ වැඩිමහල් පුද්ගලයන් රැුසක් විසින් ව්‍යවස්ථාපිත ගැනෙන දූෂණය කිරීම හෝ ලිංගික අපයෝජනය කිරීමට ලක්ව ශාරීරික හා මානසික පීඩනයකට ඇය ලක්වූ අයකු බව පෙනී ගිය බවත් අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී සඳහන් කළාය. කඩාකප්පල් වූ සිය පාසල් අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කිරීමේ මහත් බලාපොරොත්තුවෙන් යුක්තව ඇය කාලය ගත කරන බව තම අධිකරණයට පෙනී ගිය බවද එහිදී විවෘත අධිකරණය හමුවේදී පැවසූ මහෙස්ත‍්‍රාත්වරිය ඇයට අවශ්‍ය මානසික උපදේශනය සහ වෛi ප‍්‍රතිකාර ලබාදීමට වින්දිත දැරියව මේ වනවිටත් යොමුකර ඇතැයි ද කීවාය. එම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක මනෝජ් සමරසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 30 වැනිදා උප සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි. එම දැරියව ගෙවුන මාස තුනක පමණ කාලයේදී අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර පුද්ගලයන් 100 කට ආසන්න පිරිසකට ඉතා ඉහළ මිල ගණන්වලට අලෙවි කර අතිවිශාල මුදලක් උපයා ඇති බවත් ජාවාරමේ ප‍්‍රධාන සැකකරු ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මොරටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් විමර්ශන නිලධාරීහු එහිදී අධිකරණයට පැවසූහ.

එම අපරාධය සම්බන්ධයෙන් 22 දෙනකු පමණ පිරිසක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බවත් මේ වනවිට මෙම අධිකරණයට පමණක් සැකකරුවන් 11 දෙනකු ඉදිරිපත් කොට ඇති බවත් එහිදී අධිකරණයට පැවසූ විමර්ශන නිලධාරීහු එකී ජාවාරම මෙහෙයවූ පුද්ගලයා හා ඒ සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් එම දැරියව රුපියල් ලක්‍ෂ 3-4 වැනි ඉහළ මුදලකට විවිධ පුද්ගලයන්ට ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇතැයි ද අධිකරණයට පැවසූහ.

කැමැත්ත ඇතිව හෝ නොමැතිව කාන්තාවන් කුට්ඨනය කිරීම එනම් මුදලට ගණිකා වෘත්තියේ යෙදවීම ලිංගික අපයෝජනය මෙන්ම ඒ සඳහා අවශ්‍ය මගපාදමින් දැන්වීම් පළ කිරීමත් වරදක් වන්නේ යැයි එහිදී පැවසූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එලෙස දැන්වීම් පළ කරන පිරිසට ද එරෙහිව නීතිමය පියවර ගත යුතු බව විමර්ශන නිලධාරීන්ට දැන්වූවාය.

lankacnews

No comments

Ads Place