Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සල්ලි වැඩිපුර අච්චු ගැසූ බව ආණ්ඩුව පිළිගනී

සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙවර මුදල් අච්චු ගැසූ බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජය අමාත්‍ය අජිත් නිවාඩ...


සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් මෙවර මුදල් අච්චු ගැසූ බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ මෙම තත්ත්වය ලෝකයේ බොහෝ රටවලට පොදු තත්ත්වයක් බවයි. 


මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය වැඩි වුවහොත්, ඊට ද මුහුණදීමට සූදානම් බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා. 


කෙසේවෙතත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඉකුත් මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇති බවයි. සියයට 4 යි දශම 5 ක් වූ මැයි මාසයේ උද්ධමනය ජූනි මාසයේදී සියයට 5 යි දශම 2 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

nethnews

No comments

Ads Place