Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රට වටා ඩෙල්ටා පොකුරු ඇත්දැයි සෞඛ්‍ය අංශ සීරුවෙන්

 ඉන්දීය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ආසාදිත පොකුරු අළුතින් මතුවීමේ අවදානම තවමත් පහව ගොස් නැතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ...


 ඉන්දීය ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ ආසාදිත පොකුරු අළුතින් මතුවීමේ අවදානම තවමත් පහව ගොස් නැතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ එවැනි පොකුරු ඇතිවීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇති බවයි. මේ දක්වා ඉන්දීය ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිත බවට තහවුරු වී ඇත්තේ ඉතා සීමිත පුද්ගලයින් පිරිසක් පමණක් බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. 


මේ අතර පළාත් අතර පනවා ඇති සංචරණ සීමා කඩ කරමින් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වු සුඛෝපබෝගී බස් රථ තුනක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. යුද හමුදා නිලධාරීන් හා පොලීස් නිලධාරීන් කල පරීක්ෂාවකදී අනාවරණය වී ඇත්තේ එම බස්රථවලට පළාත් අතර සංචරණය සිදුකිරීමට අදාළ කිසිදු බලපත්‍රයක් නොමැති බවයි.


පසුව එම බස්රථවල ගමන් ගත් මගීන්ට ඇන්ටිජන් පරීක්ෂාණ සිදුකර තිබෙනවා. ඉන් තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ. එහිදී අත්අඩංගුවට ගත් බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද හෙදියන් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේ ද ක්‍රියාත්මක වුණා. ඒ හේතුවෙන් අදත් රෝගීන් පත්වූයේ දැඩි අපහසුතාවකටයි. 


මෙම වර්ජනය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ද මෙලෙස අදහස් පළ කළා.


හෙද වර්ජනය මධ්‍යයේ වුවද, මෙරට එන්නත්කරණය අද දිනයේද සිදු කෙරුණා.  එහි වාර්තා ගත දිනයක් ලෙස ඊයේ දිනය පත්වුණේ එක් දිනක් තුළ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලක්ෂය ඉක්මවූ පිරිසකට ලබාදුන් පළමු අවස්ථාව බවට පත්වෙමින්.

nethnews

No comments

Ads Place