Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුහුණු ශ්‍රමිකයින් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම ඇරඹෙයි

 මෙරට තරුණ තරුණියන් 25,000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර හැරීමේ පළමු අදියර අද ආරම්භ වුණා. ඒ අනුව පළමු අදියර යටතේ රුමේ...


 මෙරට තරුණ තරුණියන් 25,000 ක් පුහුණු ශ්‍රමිකයින් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර හැරීමේ පළමු අදියර අද ආරම්භ වුණා.


ඒ අනුව පළමු අදියර යටතේ රුමේනියාවේ විදේශ රැකියා ලාභීන් 200 කට ඒ සඳහා අවස්ථාව ලැබී ඇති බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ.


ඉදිරියේදී මාසිකව 2000 ත් 2500 ත් අතර පිරිසක් විදේශ රැකියා සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


නුපුහුණු ශ්‍රමිකයෙකු විදේශ රැකියාවක් සඳහා පිටත් කර මෙරටට ලැබෙන විදේශ විනිමයට වඩා සිව්ගුණයක විදේශ විනිමයක් පුහුණු ශ්‍රමිකයෙකු විදෙස් රැකියාවක් සඳහා යොමු කිරීමෙන් ලැබෙන බවයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ පැවසුවේ.

nethnews

No comments

Ads Place