Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරට එන්නත්කරණ වාර්තාව යළි අළුත් වෙයි

මෙරට එන්නත්කරණ වාර්තාව යළි අළුත් වී තිබෙනවා. ඒ, ඊයේ දිනය තුළ පුද්ගලයින් තුන් ලක්ෂ 84,763 දෙනෙකුට එන්නත් ලබාදීමත් සමගයි. ඒ යටතේ සයිනොෆාම් එන්...


මෙරට එන්නත්කරණ වාර්තාව යළි අළුත් වී තිබෙනවා. ඒ, ඊයේ දිනය තුළ පුද්ගලයින් තුන් ලක්ෂ 84,763 දෙනෙකුට එන්නත් ලබාදීමත් සමගයි.


ඒ යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් තුන් ලක්ෂ 38,572 දෙදෙනෙකුටත්, දෙවන මාත්‍රාව 35,410 දෙනෙකුටත් ලබා දී තිබෙනවා.


ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 3,365 කටත්, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 7,410 දෙනෙකුටත් ඊයේ දිනයේදී ලබාදීමටයි කටයුතු කර ඇත්තේ. පෙරේදා දිනයේ ද පුද්ගලයින් තුන් ලක්ෂ 37,445 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලබාදී තිබුණා.


ඒ අනුව කොරෝනා මර්දන සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව තිස් හත් ලක්ෂ 64,750 ක්. සයිනොෆාම් එන්නතේ මාත්‍රා 02 ම ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව එකොලොස් ලක්ෂ 83,391 ක්.


මේ අතර බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි ඕනෑම පුද්ගලයෙකු සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේ වැඩසටහනක් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී පැවැත්වෙනවා. එය පස්වරු 4 යි 30 දක්වා ක්‍රියාත්මකයි.


ඒ අනුව ඒ සඳහා පැමිණෙන පුද්ගලයින් තමන් බස්නාහිර පළාතේ පදිංචිකරුවෙක් බව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් හෝ ඡන්ද හිමි නාමලේඛණයේ ග්‍රාම නිලධාරී සහතික කළ පිටපතක් රැගෙන ඒම තුළින් එන්නත ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පැවසුවේ.

nethnews

No comments

Ads Place