Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තොප්පිගල රක්ෂිතයක වැලි ජාවාරමක්

  තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ නීති විරෝධී ලෙස වැලි කැණීම් කළ ස්ථාන 05 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් වටලා තිබෙනවා. ඒ, වාලච්චේන පොලිස් ව...

 


තොප්පිගල නිරන්ච්වේලි රක්ෂිතයේ නීති විරෝධී ලෙස වැලි කැණීම් කළ ස්ථාන 05 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් වටලා තිබෙනවා.


ඒ, වාලච්චේන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. එහිදී සැකකරුවන් 05 දෙනෙක් සහ ට්‍රැක්ටර් රථ 05 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.


වැලි පුරවන ලද ටේලර් රථ 05 ක් ද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබෙනවා.


අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් සහ අදාළ භාණ්ඩ වැඩි දුර විමර්ශන සදහා වාලච්චේන පොලීසිය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩි දුරටත් සදහන් කළේ.

nethnews

No comments

Ads Place