Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුද්දය දිනුවේ බැසිල් නිසා.. ලෝකයම බැලන්ස් කලේ ඔහුයි..

  කොටි සංවිධානය පරදවා ශ්‍රී ලංකාව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයේ දී බැසිල් රාජපක්ෂ මහතා ඉතා තීරණාත්මක වගකීමක් ඉටු කළේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙර...

 


කොටි සංවිධානය පරදවා ශ්‍රී ලංකාව ලබාගත් ඓතිහාසික ජයග්‍රහණයේ දී බැසිල් රාජපක්ෂ මහතා ඉතා තීරණාත්මක වගකීමක් ඉටු කළේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා විසින් යුද්ධයේ තීරණාත්මක මොහොතේ කලාපීය බලවතාගේ සාධක මැනවින් කළමනාකරණය කිරීමෙන් නිසා යුද ජයග්‍රහණය ලැබීමට හැකි වූ බවද ඔහු පැවසීය.

එහෙත් ඒ සම්බන්ධයෙන් සමාජයේ දැනුවත් භාවයක් නැතිවූ බවද බැසිල් රාජපක්ෂ මහතා තම කාර්යය සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීමට උනන්දුවක් නොකළ බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේ ඉන්දියාව අපට හිතවත් තැනක නතර කිරීමට කටයුතු කලේද බැසිල් රාජපක්ෂ මහතා බවත් යුද්ධය පැවති සමයේ ජනාධිපති වරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ එවකට මහලේකම් බෑන් කී මූන් හමුවේ සාකච්ඡා පවත්වා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සියළු සබඳතා සම්බන්ධීකරණය කළ බව ද ඔහු පැවසීය.

එලෙසම යුරෝපා සංගමය ද රටට හිතවත් තැනක රඳවා තබන්නට නායකත්වය ලබාදුන්නේ ද බැසිල් රාජපක්ෂ මහතා බවත් කුරුස සංවිධානය ඇතුළු සියළු සංවිධාන ද රටට හිතවත් තැනක නතර කරන්න ද කටයුතු කළේ බැසිල් රාජපක්ෂ මහතා බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

lankacnews

No comments

Ads Place