Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වතුකරයේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවීමට ඉඩක් නැහැ!

  වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවකුට නොහැකි වනසේ කම්කරු අඥා පනත ශක්තිමත් කිරිමට අපි මේ වන විට සාකච්ඡා කරමින්...

 


වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවකුට නොහැකි වනසේ කම්කරු අඥා පනත ශක්තිමත් කිරිමට අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පවසනවා.


” අපේ රටේ කම්කරු ආඥා පනත අවු 100 කට වඩා පැරණි.බාල වයස්කාර ළමයකු මෙහෙකාර සේවයේ යොදවන මව්පියන්ට දඩුවම් ලබාදිය හැකි සේ නව පනත් ගෙන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. මින් ඉදිරියට වතුකරයෙන් මෙහෙකාර සේවයට ළමුන් ගෙනියන්න කාටවත් බැහැ. වතු කම්කරුවන්ගේ පවුල් වල අර්ථික ගැටළු තියෙනවා කියලා මම පිලිගන්නවා,ඒකට විසදුම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම නෙවෙයි.


ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ෂණ කටයුතු විදිමත් කරන්න කියලා අද සියළු දෙනා එකතු වෙලා බලපැම් කරනවා.ඒක හොද දෙයක් නමුත් ඇතැම් අය මේ සිද්ධිය දේශපාලන වාසියක් කරගන්න උත්සහ කරනවා. වතුකරයේ ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දාන්න අපි මේ වන විට වැඩපිළිවෙළ රාශ්‍රියක් ආරම්භ කරලා තියෙනවා. ” අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.


මිය ගිය ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරනු ලබන විමර්ෂණ කටයුතු සම්බන්ධව තමන් සැහිමකට පත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

noizetv

No comments

Ads Place