Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විශ්වාස භංගයට පෙර ඇමතිකමෙන් ඉල්ලා අස්වන්න..- පොහොට්ටුව ගම්මන්පිලට කියයි..

  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් තමන් සහ තම පක්ෂය මීට පෙර ඉදිරිපත් කළ මතයේ කිසිදු වෙනසක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්...

 


බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සම්බන්ධයෙන් තමන් සහ තම පක්ෂය මීට පෙර ඉදිරිපත් කළ මතයේ කිසිදු වෙනසක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

උදය ගම්මන්පිල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ මෙතෙක් පක්ෂයක් ලෙස අවසන් තීරණයකට එළඹ නැති බවද එම විශ්වාසභංගයට පක්ෂ හෝ විපක්ෂව ඡන්දය ලබාදීම පිළිබඳව ඉදිරියේදී ආණ්ඩුවේ පක්ෂ නායකයන් සමග සාකච්ඡාවකින් පසු තීරණයකට එළඹෙනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ඉන්ධන මිල ඉහළ දැමීම මගින් ජනතාව පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් වගකීම භාරගෙන උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට සාගර කාරියවසම් මහතා මීට පෙර ප‍්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කර තිබිණි.

කෙසේ වෙතත් අදාල විශ්වාස භංගයේදී විපක්‍ෂයට වාසිවන කිසිම තීරණයක් පක්‍ෂය නොගන්නා බවද ඔහු එහිදී පැවසීය.

නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙම මතයේ කිසිදු වෙනසක් වී නැති බවයි.

උදය ගම්මන්පිල මහතාට සමගි ජන බලවේගය විසින් ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 සහ 20 දෙදින තුළ විවාදයට ගැනීමටත් 20 වැනි දා ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වීමටත් තීරණය වී තිබේ.

මේ අතර වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරන්නේ තමන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව විස්වාසය පළ කිරීමේ යොදා බවට පත්කර ගැනීමට සූදානමින් සිටින බවයි.

ඉන්ධ මිල ඉහල දැමීම රජයේ සහ කැබිනට් මණ්ඩලය තීරණය බැවින් මේ සම්බන්ධයෙන් තමන් මුලසිට දරන ලද ස්ථාවරය කිසිදු වෙනසක් නැති බව ද ඔහු කියා සිටියේය.

මේ අතර ඇතැම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ විස්වාසභංගය පක්ෂ වීම හෝ විපක්ෂ වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ අර්බුදකාරී තත්ත්වයක් පත්ව ඇති බවයි.

විශ්වාසභංගය විවාදයට නොගැනීමට විකල්ප යෝජනාවක් ලෙස බලශක්ති අමාත්‍යා ගේ විෂය වෙනස් කිරීම හෝ ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීම කළ යුතු බවටද පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පොහොට්ටුවේ ඉහළ නායකයන්ට දැනුම් දී ඇතැයිද දැනගන්නට ඇත.

lankacnews

No comments

Ads Place