Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

15 හැවිරිදි දැරිය අපහරණය කළ මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය ඇමති රිමාන්ඩ්!

  15 හැවිරිදි දැරියක් මුදලට ලබාගෙන අපහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මාලදිවයිනේ හිටපු මුදල් රාජ්...

 


15 හැවිරිදි දැරියක් මුදලට ලබාගෙන අපහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය මොහොමඩ් අශාම්ලී මෙම මස 16 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.


15 හැවිරිදි දැරියක් මුදලට අලෙවි කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අනුව මෙම හිටපු අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙකු ඊයේ දිනයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


15 හැවිරිදි දැරිය දුෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 32ක් වනවා.


ඒ අතර දැරියගේ මව, චීවරධාරියෙක්, මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු පිරිසක් ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ.


සිද්ධිය සම්බන්ධයෙන් තවත් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

noizetv

No comments

Ads Place