Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාහන ආනයනය ගැන රජයේ ස්ථාවරය

මෙරටට වාහන ආනයනය සදහා යළි ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා. විද්‍යුත...



මෙරටට වාහන ආනයනය සදහා යළි ඉඩ ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල පවසනවා. විද්‍යුත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඉදිරියේදී යම් සලකා බැලීමක් කරන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මුදල් අමාත්‍යංශයේ ලෙක්ම්වරයා කියා සිටියේ.


කෙසේ වෙතත් ඒ සදහා මෙතෙක් කාල වකවානු තීරණය වී නැහැ. ශ්‍රී ලංකාවේ තුළ විද්‍යුත් වාහන භාවිතය ප්‍රවර්ධනය කිරීම සදහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවුණා. 


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව අනාවරණ වී තිබුණේ පසුගිය වර්ෂය අවසාන වන විට මෙරට තුළ ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාව මිලියන 08 ඉක්මවා ඇති බවයි. ඒ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් අවුරුදු 10 ට වඩා පැරණි ඒවා වන අතර එවැනි වාහන නිසි පරිදි නඩත්තු නොකිරීම විෂ වායු විමෝචනයට හේතුකාරක වන බව හඳුනාගෙන තිබෙනවා.


මොරටුව විශ්ව විද්‍යාලය සහ තවත් ආයතතන කිහිපයක් මගින් සිදු කළ පර්යේෂන මගින් තහවුරු වී තිබුණේ ශ්‍රී ලංකාවේ වායු දූෂණයට සියයට 60 ක් පමණ හේතුවන්නේ රථවාහන බවයි. 

nethnews

No comments

Ads Place