Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙන්නේ සැප්තැම්බර්වලින් පස්සේ.

  එළඹෙන සැප්තැම්බර් මාසය වන විට ජනතාවට ප්‍රමාණවත් ලෙස කොරෝනා එන්නත් ලබා දී රට සම්පූර්ණයෙන් විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බ...

 


එළඹෙන සැප්තැම්බර් මාසය වන විට ජනතාවට ප්‍රමාණවත් ලෙස කොරෝනා එන්නත් ලබා දී රට සම්පූර්ණයෙන් විවෘත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට පත්වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.

අද වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 07ක් ලෙස පවතින බවද ඔහු පෙන්වා දෙයි.

දැනට රජයේ ඩොලර් බිලියන 4 ක මුදලක් ඇති බවත් චීනය ඉන්දියාව බංග්ලාදේශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලැබීමට නියමිත සියලු මුදල් වල එකතුව ඩොලර් බිලියන 7 ඉක්මවන බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

lankacnews

No comments

Ads Place