Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හින්දු භක්තිකයන් ඉස්ලාම් දහමට හරවා ගන්නා බවට පකිස්තානයට චෝදනාවක්

පකිස්තානයේ ජීවත්වන සුලුතර හින්දු ප්‍රජාවේ සාමාජිකයන් විවිධ උපායන් ඔස්සේ ඉස්ලාම් දහමට හරවා ගන්නා බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. විදෙස් මා...


පකිස්තානයේ ජීවත්වන සුලුතර හින්දු ප්‍රජාවේ සාමාජිකයන් විවිධ උපායන් ඔස්සේ ඉස්ලාම් දහමට හරවා ගන්නා බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, දිලිදු ගොවියන්ගේ ණය කපා හරිමින්, සහ විවිධ ආර්ථික ප්‍රතිලාභ ලබාදෙමින් ධනවත් ඉස්ලාම් ඉඩම් හිමියන් මෙම ක්‍රියාව මෙහෙයවීම වීම බහුලව සිදුවන බවයි.


පසුගියදා පකිස්තානයේ සින්ද්හි බදීන් දිස්ත්‍රික්කයේ මාල්ටිහිදී  දිළිදු හින්දු ආගමිකයන් හැට දෙනෙකු පමණ ඉස්ලාම් දහමට හරවා ගැනීම උත්සවාකාරයෙන් සිදුකර තිබෙනවා.


ඒ පිළිබද වන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන අතර මෙය තමන්ට කැමති ආගමක් ඇදහීමට ඇති මූලික අයිතිවාසිකමට බලපෑම් කිරීමක් බවයි ස්වාධීන නිරීක්ෂකයන් රැසක් පෙන්වා දී ඇත්තේ.


මෙය බලහත්කාරයෙන් ආගමට හරවා ගැනීමක් නොවුණත්, විවිධ සමාජ සහ ආර්ථික  වරප්‍රසාද ලබාදී ආගම වෙනස් කිරීමට  කටයුතු කිරීම අනුමත කළ නොහැකි බව එරට හින්දු ආගමික නායකයන් ප්‍රකාශ කර තිබෙනවා.


මෙි අතර අදාළ මාධ්‍ය සදහන්  කරන්නේ හින්දු දැරියන් බලහත්කාරයෙන් ඉස්ලාම්  ආගමට හරවාගෙන විවාහ කරගැනීමේ සිදුවීම්ද විශාල වශයෙන් වාර්තාවක බවයි.


එම තත්වය පාලනය කිරීමට පකිස්තාන බලධාරීන් නිසි පියවර නොගන්නා බවටද චෝදනා එල්ල වී තිබෙනවා.


පකිස්තානයේ හින්දු ආගමිකයන්  මිලියන 4.5 ක් පමණ වාසය කරන බව නිල සංඛ්‍යා ලේඛනවල දැක්වුණත් එරට හින්දු ආගමික නායකයන් සදහන් කරන්නේ මිලියන හතක පමණ වන හින්දු ප්‍රජාවක් එරට තුළ වෙසෙන බවයි.

nethnews

No comments

Ads Place