Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුෂ්කරතා මැද සේවය කළහොත් එහි ප්‍රතිඵලය රටට ඉතිරි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

  දේශීය ආර්ථිකය නගා සිටුවමින් රට රට සංවර්ධනය කරා ගෙනයාමේ අරමුණින් සියලුදෙනා එක්ව වැඩකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මෙම...

 


දේශීය ආර්ථිකය නගා සිටුවමින් රට රට සංවර්ධනය කරා ගෙනයාමේ අරමුණින් සියලුදෙනා එක්ව වැඩකළ යුතු බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.


අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පලකළේ අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැති දිවයින පුරා ගම්මාන 500ක් “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.



එහිදී නුවරඑළිය මන්දාරම්නුවර බෝංචි බීජ හා කෝපි නිෂ්පාදන ගම්මානය, පේරාදෙණිය උඩුඊරියගොල්ල මල් නිෂ්පාදන ගම්මානය සහ යාපනය සංදිලිපායි පිරාන්පට්රු තල තෙල් නිෂ්පාදන ගම්මානය “සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන” ලෙස නම් කරමින් ඊට අදාළ ඩිජිටල් සමරු පුවරු නිරාවරණය කෙරිණි.



එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය…


දේශීය ආර්ථිකය නගා සිටුවමින් රට සංවර්ධනය කරා ගෙනයාමේ අපේ අරමුණ වෙනුවෙන් අපි වැඩකරන බව ජනතාවට සිහිපත් කරන්න කැමතියි.

අද ඇරඹෙන මේ වැඩසටහන තුළත් ග්‍රාමීය ප්‍රජාව සෘජුවම රටේ නිෂ්පාදන කාර්යයට දායක කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඔවුන්ට විකල්ප ආදායම් මාර්ග නිර්මාණය වනවිට ඒ හා සමානව ඔවුන්ගෙ ජීවන තත්ත්වය ඉහළ යනවා.

අද මේ නිවාස ලැබු ජනතාව ගත්තත් ඔවුන්ට හෙට ඉඳන් පටන් ගන්න තියෙන්නෙ අලුත් ජීවිතයක්. අලුත් බලාපොරොත්තුවකින් වැඩ කරන්න ඔවුන්ට පුළුවන්. ඒ සඳහා මේ අමාත්‍යාංශය කරන මග පෙන්වීම අපි ඉතාමත් අගය කළ යුතුයි.

අපේ විරුද්ධ පක්ෂය නම් කැමතියි අපි කොවිඩ් කියලා මොකුත්ම නොකර ඉන්නවා නම්. මොකද කොවිඩ් නැතිවත් මොකුත් නොකර හිටපු අය, මේ කාලේ හිටිය නම් කොහොමද කියලා බලාගන්න තිබුණා. ජනතාවට මේවා හංගන්න පුළුවන් කාරණා නෙමෙයි. එයාලත් මේවා අහනවා.

ඒ නිසා දුෂ්කරතා මැද අපි වැඩකළොත් එහි ප්‍රතිඵලය කවදාහරි මේ රටට ඉතිරි වෙනවා කියන විශ්වාසයෙන් අපි වැඩ කරමු.

noizetv

No comments

Ads Place