Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බංකොලොත් වීමේ අවදානමෙන් ශ්‍රී ලංකාව බේරෙයි

 නියමිත පරිදි ණය වාරික ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් මේවනවිට සොයා ගෙන අවසන් බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්...


 නියමිත පරිදි ණය වාරික ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් මේවනවිට සොයා ගෙන අවසන් බව මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා. ඉකුත් බදාදා පැවැති නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ මේ මාසයට අදාළ ණය වාරිකය ගෙවා ගැනීමට නොහැකි වුවහොත් රට බංකොලොත් වීමේ අවදානමක් පවතින බවයි. 


එසේනම් රට බංකොලොත් නොවී පවත්වාගෙන යාමට රජය ගන්නා පියවර කුමක්දැයි නෙත් නිවුස් සොයා බැලීමක් සිදු කළා. ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පැවසුවේ ණය වාරික ගෙවීමට අදාළ සම්පූර්ණ මුදල මේවනවිට සොයා ගෙන අවසන් බවයි. 


ශ්‍රී ලංකාව මේවනවිට ආර්ථික අර්බුදයක පවතින බවට ආණ්ඩුවේ අමාත්‍යවරුන්ම ප්‍රකාශ කර තිබෙනවා. රට තුළ ඩොලර් සංචිත අඩුවීම ඒ අතරින් ප්‍රධාන අර්බුදයක්. ඒ සම්බන්ධයෙන් ද නෙත් නිවුස් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගෙන් විමසීමක් කළා. 


ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය රුපියල් ටි්‍රලියන 16 ක්. ඉන් සියයට 40 ක් විදේශ ණය වනවා. සෙසු සියයට 60 ම දේශීය බැංකුවලින් ලබාගත් ණයයි. විදේශීය ණය වාරිකවලට අදාළව ජූලි 27 වනදා වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 1000 ක් ගෙවිය යුතු බවයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

nethnews

No comments

Ads Place