Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“ගුවන් මගීන් සඳහා පැය 3න් PCR” – කටුනායකට නවීන රසායනාගාරයක්!

  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මගීන් සඳහාම වෙන්වූ පී. සී. ආර් පරීක්ෂණාගාරයක් ඉදිරි සති තුන ඇතුලත පිහිටුවීමට රජය කටයුතු...

 


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මගීන් සඳහාම වෙන්වූ පී. සී. ආර් පරීක්ෂණාගාරයක් ඉදිරි සති තුන ඇතුලත පිහිටුවීමට රජය කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


මේ හරහා ගුවන් මගීන්ගේ පී. සී. ආර් පරීක්ෂණ වාර්තා පැය තුනක් ඇතුළත ඔවුන්ට ලබා දීමට හැකිිි පරිදී එම පරීක්ෂණාගාරය ස්ථාපිත කරන බවද අමාත්‍යවරයා කියා සිටී.


මෙම වසර අවසාන වන විට සැලකිය යුතු සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීම රජයේ අරමුණු වන අතර එහිදී වඩාත් සැළසුම් සහගත ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කරන හෙයින් රජය මෙම තීඍනය ගත් බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.


ගුවන් සමාගම් විසි පහක නියෝජිතයින් සමග සංචරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.


කෙටිකාලීනව වැඩි සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වාගැනීමට හැකිවන පරිදි සංචාරකයින්ට සහන පැකේජයක් ලබාදිය හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් මෙහිදී ගුවන් සමාගම් වල අවධානය යොමු කෙරිණි.


සාර්ථක එන්නත්කරණය කිරීමකින් අනතුරුව රජය විසින් සහන පැකේජ ක්‍රියාත්මක කිරීමත් සමඟම මෙම වර්ෂය අවසාන වනවිට සංචාරකයින් ගෙන්වා ගත හැකි රටවලින් ලංකාවට සැළකියයුතු සංචාරකයින් ප්‍රමාණයක් ගෙන්වාගතහැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළකරයි.


දැනටමත් මේ සම්බන්ධයෙන් සංචාරකයින් ගෙන්වීමේ ආයතන සහ ගුවන් සමාගම් සමඟ විශේෂ සාකච්ඡාවක් වට කිහිපයක් පවත්වමින් සැලසුම් සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා කීය.

noizetv

No comments

Ads Place