Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රුපියල් මිලියන 103 කට අධික කේරල ගංජා තොගයක් අත්අඩංගුවට!

 රුපියල් මිලියන 103 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇත යාපනය අනලතිව්...


 රුපියල් මිලියන 103 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන ඇත


යාපනය අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍ර දේශයේ දී අද (12) අළුයම සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම කේරල ගංජා තොගය අත්අඩංගුවට ගැනීම සිදු විය


කේරල ගංජා කිලෝ ග්‍රෑම් 344 යි ග්‍රෑම් 550 ක් හා  එම ගංජා ප්‍රවාහනය කිරීම සඳහා භාවිත කළ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි වී ඇත


උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා  බලගණයට අයත් මුර යාත්‍රාවකින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම ඩිංගි යාත්‍රාව පරීක්ෂාවට ලක්කෙරුණි


පොලිතින් මළු 11 ක කේරල ගංජා තොගය අසුරා තිබූ බවයි නාවික හමුදාව සඳහන් කළ අතර සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුර පොලිසිය වෙත භාරදීමට නියමිතය

noizetv

No comments

Ads Place