Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“ජනපතිට වූ පොරොන්දුව ඉටුවෙයි” – ජපානයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 1.45ක්!

 ශ්‍රී ලංකාවේ COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම (WHO) හරහා ශ්‍රී ලංකාවට ජපානයේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා ...


 ශ්‍රී ලංකාවේ COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම (WHO) හරහා ශ්‍රී ලංකාවට ජපානයේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45 ක් ලබා දීමට ජපානය තීරණය කර ඇති බව ජපාන තානාපති කාර්යාලය පවසයි.


මෙම එන්නත් තොගය ඉදිරි සති කිහිපය තුලදී මෙරටට ලැබීමට නියමිත අතර ජපාන තානාපති කාර්යාලය කියා සිටියේ ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාරයක් ලෙස සහ COVID-19 ට එරෙහි සටනේදී හැකි තරම් පිරිසකට ආරක්ෂිත එන්නත්කරණය සිදු කිරීම සඳහා මෙම පියවර ගත බවයි වාර්තාවන්නේ.


මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා අතර පැවති සාකච්චාවකදී කරුණු අනාවරණය කෙරුනේ පසුගිය ජුනි මස 09 වනදා වන අතර එහිදී ජපාන තානාපතිවරයා ලක්ෂ 6ක එන්නත් ප්‍රමාණයක් ලබා දීමට සහාය වන බව පැවසුවේ මෙරට ඇස්ට්‍රාසේනිකා දෙවන මාත්‍රාව ලබාදීමට අවශ්‍ය එන්නත් හිඟය නිරාකරණය කිරීම සඳහාය.


කෙසේ නමුත් පොරොන්දු වූ එන්නත් ප්‍රමාණයට වඩා දෙගුණයකට වඩා වැඩි එන්නත් ප්‍රමාණයක් ලබාදීමට ජපානය මෙසේ කටයුතු කිරීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ ජයග්‍රහණයක් වන අතර ඒ සඳහා කැපවූ සියලු දෙනාට සහ ජපාන රජයට අපේ  රටේ ජනතාවගේ ප්‍රණාමය හිමි විය යුතුය.


ජනාධිපතිවරයාගේ නිල ට්විටර් ගිණුමේ ජපාන තානාපතිවරයා සමඟ පවතී සාකච්චාව සම්බන්ධයෙන් පළවූ සටහන පහතින්…

කෙසේ වෙතත් විපක්ෂ කණ්ඩායම් මේ සම්බන්ධයෙන් වැරදි මත පළකරමින් ජපානය මෙරටට එන්නත් ලබාදීම සිදු නොවන බවට විවිධ ප්‍රචාරද පලකල අතර ඒ සියල්ලට නිසි පිළිතුරු ලැබී ඇත. ඒ අනුව පොරොන්දු වූ එන්නත් ලක්ෂ 6 වෙනුවට එන්නත් ලක්ෂ 14.5ක් ලබාදෙන බවට ඩේලි මිරර් පුවත්පත වාර්තා කල පුවත පහතින්…

https://www.dailymirror.lk/top_story/Japan-to-donate-AstraZeneca-vaccines-to-Sri-Lanka-through-COVAX/155-216019


noizetv

No comments

Ads Place