Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරාය අසල අක්කර 13ක් චීනයට දෙන්නේ නෑ… ආයෝජනයක් පමණයි කරන්නේ…

  විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරිමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලි...

 


විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරිමේ උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මැදුරේ සිට Zoom තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණි.

එම උත්සව අවස්ථාව සදහා සභානායක, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහභාගි විය.

කුරුණෑගල පරිවාස ගොඩනැගිල්ලේ 03වන මහලේ කුරුණෑගල ප්‍රදේශීය කොන්සියුලර් කාර්යාලය ස්ථාපිත කර ඇත.

විදේශ රැකියාවල නියතු ශ්‍රමිකයන්ගෙන් බහුතරයක් වයඹ පළාත තුල සිටීම නිසා වයඹ පළාතට ප්‍රාදේශීය කෙන්සියුලර් කාර්යාලයක අවශ්‍යතාවය දැඩිව මතු වී තිබිණි. එමෙන්ම විදේශ රැකියා නියෝජිත ආයතන රාශියක් කුරුණෑගල නගරය කේන්ද්‍රකර ගනිමින් පිහිටුවා තිබීම නිසා තමන්ගේ විදේශ රැකියා අවශ්‍යතා වෙනුවෙන් වයඹ සහ අවට පළාත් වලින් ජනතාව කුරුණෑගලට පැමිනෙති. මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය ලබා දෙන ලදී. දැනට ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාල මාතර, යාපනය, මහනුවර සහ ත්‍රිකුණාමලය යන නගර වල පිහිටුවා ඇත. මීට පෙර කොළඹ කොන්සියුලර් කාර්යාලයට ගොස් සිදු කරගත් ලේඛන සත්‍යාපන කටයුතු ඇතුළු තවත් සේවාවන් රැසක් ප්‍රාදේශීය කාර්යාලය මගීන් ප්‍රමාදයකින් තොරව කාර්යක්ෂමව සිදු කර ගත හැකි නිසා ජනතාවගේ කාලය, ශ්‍රමය හා මුදල් ආදිය ඉතිරි වේ.

ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා…

‘මේ මුළු ලෝකයම ස්වභාධර්මය විසින් අභියෝගයට ලක් කරලා තියෙන්නේ. පලවෙනි කොවිඩ් රැල්ලේදී කොවිඩ් පාලනය කරපු පළවෙනි රටවල් පහ ඇතුළත ලංකාව තියාගන්න අපි සමත් වුනා. දෙවැනි රැල්ලෙදීත් අපි පළමු රටවල් දහය ඇතුළත හිටියා. ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨ නායකයෙක් හැටියට අගමැතිතුමා පරිණත නායකයෙක් හැටියට ඉතාමත් දක්ෂ ලෙස මේ රට පාලනය කරගෙන යනවා.

එන්නත ලබාදීමේදී සියල්ලටම එන්නත ලබා දෙන ආසියාවෙ හොදම රට බවට පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා. අද විශාල වශයෙන් ඒ ප්‍රශ්නයට විසඳුමක් ලැබිලා තියෙනවා. විපක්ෂය කිව්වේ එන්නත් ගේන්න හම්බවෙන්නේ නැහැ. එන්නත් ගෙනාපුවහම කිව්වා මේ රට පරීක්ෂණාගාරයක් බවට පත්කරගන්න හදනවා කියලා. එහෙම කියලා මිනිස්සුන්ව බිය ගැන්නුවා. එන්නත ගහගන්න එපා කියලා කිව්වා. සමාජ ජාලාවල අසත්‍ය ප්‍රචාර පළ කළා එන්නත විද්දහම අවුරුදු දෙකකින් මැරෙනවා කියලා. අපි පැහැදිලිව කියන්නේ මේවට මේ රජය සැලෙන්නේ නැහැ කියලා.

විපක්ෂය වර්ජන වලට මිනිසුන්ව උසිගන්වනවා. මිනිසුන්ව පාරට බස්සනවා. මෙවැනි වසංගතයක් පවතින වෙලාවේදී කරන්න තියෙන්නේ මිනිස්සුන්ව පාරට බස්සන්න එක නෙමෙයි. රටක් විදිහට සියල්ල එකතු වෙලා මේ අර්බුදයෙන් ගොඩ එන එකයි කරන්න ඕනි. විපක්ෂයට වුවමනා ජනතාව බිල්ලට දීලා හරි ජනතාව එළියට බස්සවලා ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න.

මෙම කොන්සියුලර් කාර්යාල විතරක් නෙවෙයි මේ රටේ දැවැන්ත සංවර්ධනයක් අපි කරනවා. ජනතාවට ලබා දුන්න සියළුම පොරොන්දු මොන ප්‍රශ්න තිබුනත් අපි ඉටු කරනවා. අපේ රජයට බැදුම්කරයක් සදහා ඇමරිකානු ඩොලර් බිලියක් අද දින ගෙවන්න තිබුණා. විපක්ෂය බලාගෙන හිටියේ ගෙවාගන්න බැරි වෙයි කියලා. ඒක අපි ඊයේ දිනයේම ගෙවා දැම්මා. ගිය අවුරුදු පහේ තිබුණේ වැඩ කරගන්න බැරි ආණ්ඩුවක්. ඒක තමා යථාර්ථය. ජනතාවට මොනවද අවශ්‍ය රටට මොනවද අවශ්‍ය කියලා නිවැරදි දේ ලබා දෙන ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් ඉන්න ආණ්ඩුවක් කියලා මතක් කරන්න පුලුවන්.

‘කැබිනට් පත්‍රිකාවක් රෝහිත අබේගුණවර්ධන ඉදිරිපත් කරනවා. චීනයට අක්කර 13 ලබා දෙන්න කියලා’ මෙහිදී මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදුන් අමාත්‍යවරයා…

කිසිම දෙයක් විකුණලා නැහැ ආයෝජනයක් පමණයි තියෙන්නෙ. ආයෝජනයක් නැතුව කොහොමද රටක් විදිහට ඉදිරියට යන්නේ. කිසිම විදිහකින් අක්කර 13ක් විකුණන්නට දීලා නැහැ. මේ රටට ආයෝජන අවශ්‍යයි. ආයෝජන ගණනාවක් ඉදිරියේදීත් අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂය කියන්නේ ආයෝජකයො ගෙනෙන්න බැහැ, විශ්වාසයක් නැහැ, ආර්ථිකය වැටිලා කියලා කියනවා. ආයෝජකයෝ ආපුවහම වෙනම කතාවක් කියනවා.

ආයෝජකයන්ට අපි විශේෂ අවස්ථාවන් ලබා දීලා තියෙනවා. එය චීනයේ බ්‍රිතාන්‍ය ඇමෙරිකාව වෙන්න පුළුවන්. ඕන රටක පුද්ගලයෙකුට මේ රටේ ආයෝජනය කරන්න ඒ විශ්වාසය තහවුරු කරගන්නවා. ඒ විශ්වාසය තමයි අපි තහවුරු කරගත්තේ ඩොලර් බිලියනයක ණයක් ගෙනල්ලා.

කුලියාපිටිය වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය මොකද වෙන්නේ යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්ණයට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

ඒකට විශේෂඥයෝ තීරණ ගන්න ඕන දේකට දේශපාලනඥයන්ව ගාවගන්න එපා. පහුගිය ආණ්ඩුවේ මේ⁣දේවල් වලට දේශපාලඥයෝ තීන්දු ගත්තේ. දේශපාලඥයන් ගන්න ඕන වගේම නොගන්න ඕන තීන්දු තියෙනවා. මම පෞද්ගලිකව දේශපාලනඥයෙක් හැටියට ඒ තීන්දු තීරණ අර ගන්නෙ නැහැ. ඒ අවශ්‍ය තීන්දු තීරණ අදාල අය ගනී.

මෙම අවස්ථාවට කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතීඥ රාජා කොල්ලුරේ, කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් සහභාගි විය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

lankacnews

No comments

Ads Place