Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිනකට PCR 7000 දක්වා අඩු කරලා.. ආසාදිතයන් අඩුවීම විකෘතියක්..

  මෙරට කොරෝනා ව්‍යාප්තිය අනුව දිනකට PCR පරීක්ෂණ 50,000කට වඩා සිදු කළ යුතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳ...

 


මෙරට කොරෝනා ව්‍යාප්තිය අනුව දිනකට PCR පරීක්ෂණ 50,000කට වඩා සිදු කළ යුතුව ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

නමුත් මේ වන විට සතියක දී මෙරට සිදු කර ඇති මුළු PCR පරීක්ෂණ ප‍්‍රමාණය 55,000 කට වඩා අඩු බව සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසීය.

පසුගිය මාර්තු මාසයේ දී සිදු කළ වරද නැවත සිදු වෙමින් පවතින බවත් දිනකට පරීක්ෂණ හත්දහසක් සිදුකර වසංගතයක් පාලනය කිරීමට කිසිදු හැකියාවක් නොමැති බවත් ඔහු කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

මේ තත්ත්වය මත ආසාදිතයන්ගේ අඩුවක් පෙන්නුම් කරන බවත් එය සත්‍ය තත්ත්වය නොව පරීක්ෂණ අඩු කිරීම නිසා සිදුවන විකෘතියක් බවද ඔහු කියා සිටියේය.

lankacnews

No comments

Ads Place