Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මා මියගියොත් මා කළ කී දෑ ආදර්ශයක් කර ගන්න..- චන්ද‍්‍රිකා

  තමන්ට දැන් වයස අවුරුදු 76ක් බවත් තමන් මිය ගිය දිනෙක තමන් කළ කී දෑ අනාගත පරපුර ආදර්ශයක් කර ගනීනම් තම සතුට එපමණ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍...

 


තමන්ට දැන් වයස අවුරුදු 76ක් බවත් තමන් මිය ගිය දිනෙක තමන් කළ කී දෑ අනාගත පරපුර ආදර්ශයක් කර ගනීනම් තම සතුට එපමණ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

තම උපන් දිනය වෙනුවෙන් සුබ පතන ලද සියලුම දෙනාට ස්තූතිය පළ කරමින් තම සමාජ ජාල ගිණුමේ ඇය විසින් තබන ලද සටහන මේ බව සඳහන් වෙයි.

”මට දැන් අවුරුදු හැත්තෑ හයක්. මීට අවුරුදු හැත්තෑ හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදහරි යන්නෙත් තනියම. හිස් අතින්. එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොද නම හෝ නරක නම.

මේ යතාර්ථයක මම කුඩා කාලේ ඉදන්ම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොද තත්වයට පත්කිරීමටත් අපි බැදී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කලේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කලා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොද තැනක් කරන්න.

කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි.

උපන් දින සුබ පැතුම් පිරි නැමූ සැමට ස්තූතියි !”

lankacnews

No comments

Ads Place