Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වනඅලියකු යතුරුපැදියක් පන්න පන්නා පහර දේ.. තරුණයා අනූනවයෙන් බෙරේ…

  මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලොක්ම් කොට්ඨාශයේ පරුප්පු කඩන්තාන් ප්‍රදේශයේදී වනඅලියෙකුගේ පහරදීමකින් (16) තරුණයෙකු සුලුතුවාල පමණක් ලබා ද...

 


මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලොක්ම් කොට්ඨාශයේ පරුප්පු කඩන්තාන් ප්‍රදේශයේදී වනඅලියෙකුගේ පහරදීමකින් (16) තරුණයෙකු සුලුතුවාල පමණක් ලබා දිවි බේරාගැනීමට හැකිව ඇත.

අදාල තරුණයා පරුප්පු කඩන්තාන් ප්‍රදේශයේ සිට මඩුක්කරෙයි පිහිටි තම නිවසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී වැව් බැම්මකින් යතුරුපැදිය ධාවනය වන අවස්ථාවේදී කැලෑවේ සිට එකවරම වනඅලියෙකු පසුපසින් ලුහුබැඳ අවුත් පහරදී ඇති අතර එහිදී වනඅලියා විසින් එල්ල කරන ලද ප්‍රහාරය යතුරුපැදියට වැදී යතුරුපැදිය වැව දෙසට පෙරලී ගොස් ඇත.

අනතුරුව තරුණයා වැටුනු ස්ථානයේ පඳුරක සැඟවි සිටීම හේතුවෙන් වනඅලියාට සොයාගැනීමට නොහැකිව වනඅලියා පලා ගිය බවටත් යතුරුපැදියෙන් වැටීම හේතුවෙන් තරුණයාට සුලු තුවාල පමණක් සිදුව තිබෙනවා.

No comments

Ads Place