Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කටුනායක නිරෝධායනේ දැමූ සේවකයන් හාමතේ.. PHI අමතමින් කුණුහරුපෙන් බනිති…

  කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිටින කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් 300ක් ගෙන් වැඩි පිරිසක් නිරාහාරව කල්ග...


 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිටින කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් 300ක් ගෙන් වැඩි පිරිසක් නිරාහාරව කල්ගත කරන බවට එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසති.

අදාල පිරිසක් තාවකාලික පදිංචිකරුවන් නිසා ඔවුන්ට රජයෙන් කිසිවක් ලබා නොදෙන බවත් ඔවුන් නඩත්තු කිරීමට තමන්ටද හැකියාවක් නොමැති බවත් එම නිලධාරීන් කියති.

එම සේවක පිරිස් තම දුරකථන අංක සොයාගෙන ඇමතුම් ලබාදෙමින් ආහාර ඉල්ලා ආයාචනා කරන බවත් තවත් සමහරු පරුෂ වචනයෙන් බැන වදින බවත් ඔවුන් කියා සිටිති.

එම පිරිස්වලට ආහාර සහ පහසුකම් ලබා දීමට තමන්ට හැකියාව නැති නිසා එම කලාපයේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමේ කටයුතු තරමක් දුරට අත්හිටුවා ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියති.

No comments

Ads Place