Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මළ සිරුරු ගොඩගැසෙන බව අධිකරණ වෛද්‍ය නිලධාරියා කියයි.. තවත් අධි ශීතකරණ සකසයි..

  කොරෝනා මල සිරුරු ගොඩ ගැසීමේ තත්ත්වයක් දැනට සිදුව නැතත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි යැයි කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් ...

 


කොරෝනා මල සිරුරු ගොඩ ගැසීමේ තත්ත්වයක් දැනට සිදුව නැතත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවිය හැකි යැයි කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

ඉදිරි දිනවලදී කොරෝනා ආසාදිතයන් නිවසේදීම මියයන ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් ඒවායේ මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු මෘතදේහ ගබඩා කර තැබීමට අධිශීතකරණ කන්ටේනර් කිහිපයක් දැනටමත් සූදානම් කර ඇතැයි ද ඔහු පැවසීය.

නිවෙස් වල සිදුවන මරණ සහ රෝහල වලදී සිදුවන හැකි වෙනත් මරණ පිළිබඳ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එම සියලුම දේහයන් තැන්පත් කිරීමට සිදු වන්නේ මෘත ශරීරාගාරවල වන බවත් එමගින් එහි ඉඩකඩ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවිය හැකි බවත් ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

No comments

Ads Place