Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිලියන්දල කොරෝනා අඩුවෙන් පැතිරුණු කොටස් අරින්නැයි මා ඉල්ලුවා.. ලොක්ඩවුන් කලේ පෙර නොදන්වායි..

  පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ඉතා අවම ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමෙන් නිදහස් කරන්නැයි තමන් ප්‍රදේශයේ මහ...

 


පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ඉතා අවම ලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වී ඇති ග්‍රාම සේවා වසම් හුදෙකලා කිරීමෙන් නිදහස් කරන්නැයි තමන් ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකළ බව ප‍්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

එසේ සඳහන් කරමින් ඔහු තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට ග්‍රාම සේවා වසම් 42 කි .මෙම ග්‍රාම සේවා නිලධාරි වසම් පෙර දැනුම් දිමකින් තොරව ක්ෂණකවම සංචරණය සිමාකොට හුදකලා කිරිම තුළින් ජන ජිවිතයට විශාල බලපැමක් සිදුවු බව රහසක් නොවේ.

දෛනිකව මුදල් උපයා ගනිමින් ජන ජිවිතය ගැට ගසා ගන්නා විශාල පිරිසක් සිටින මෙම ප්‍රදේශය තුල ක්ෂණිකව සිදුකල මෙම හුදකලා කිරිම ගැටලුවක් විය .

සෞඛ්‍ය අංශ මගින් ලබා ගත් තොරතුරු මත කොවිඩ් 19 වසංගත රෝගයට විශාල ලෙස ගොදුරු වි සිටින ප්‍රදේශ තව දුරටත් එම හුදකලා තත්වයේ පවත්වාගෙන යාම හා ඉතා අවම ලෙස රෝගය ව්‍යප්ත වි ඇති ග්‍රාම නිලධාරින් වසම් හුදකලා බවින් නිදහස් කර දෙන ලෙස ප්‍රදේශයේ මහජන නියෝජිතයා ලෙස ප්‍රදේශවාසින් මාගෙන් කරන ලද ඉල්ලිම සලකා බලා එයට අවශ්‍ය විසදුමක් ලබා දිමට සෞඛ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් වෙත කරුණු ඉදිරිපත් කිරිමක් මා විසින් කල බව පමණක් දන්වමි.

ගාමිණි ලොකුගේ
ප්‍රවාහන අමාත්‍ය

No comments

Ads Place