Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිළියන්දලින් කොවිඩ් රෝගීන් 122ක් : පිට පිට 03 වන දිනටත් බස්නහිර පළාතෙන් කොවිඩ් ආසාදිතයින් දහස ඉක්මවා වාර්තා වෙයි

  දීනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දි...

 


දීනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. ඒ ආසාදිතයින් 1939 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.


ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 498 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන 122 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. මුල්ලේරියාව 55, පාදුක්ක 51ක්, වැල්ලම්පිටිය 33ක්, කැස්බෑව 26, බත්තරමුල්ල 21, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙන් 34ක්, හංවැල්ල 19ක් සහ ගොතටුවෙන් 16ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.


මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 387 දෙනෙකු වාර්තා වී ඇත. ගම්පහ නගර සභා ප්‍රදේශයෙන් 93ක්, වත්තල 72ක්, කොටදෙණියාව 48, මහර 28ක්, කැලණිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් ආසාදිතයින් 15 දෙනා බැගින් වාර්තා වී ඇත.


මීට අමතරව ඊයේ දිනයේදී කළුතර දිස්ත්‍රික්කයන් කොවිඩ් ආසාදිතයින් 377 දෙනෙකු වාර්තා වී ඇත. පානදුර - දකුණ 74, මොරගහහේන 53, මතුගම 32, ඉංගිරිය 26, කළුතර - උතුර 13, කළුතර - දකුණ 12, බණ්ඩාරගම 21, දොඩංගොඩ 20ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.


මිට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 41ක්, ගාල්ල 46ක්, මාතර 50ක්, කෑගල්ල 24ක්, බදුල්ල 01, අම්පාර 17, අනුරාධපුර 38, ත්‍රිකුණාමලය 13, වව්නියාව 14, නුවරඑළිය 24, මහනුවර 58, රතන්පුර 44, පුත්තලම 11, යාපනය 37, මාතලේ 83, පොළොන්නරුව 78, හම්බන්තොට 36, කිලිනොච්චිය 07, මඩකලපුව 11, මුලතිව් 01, මොණරාගල 01ක් සහ විදේශ ගතව සිට පැමිණි පුද්ගලයින් 42ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත. 


මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 14ක් වාර්තා වූ අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 734ක් දක්වා ඉහළ ගොස් ඇත.

No comments

Ads Place