Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බ්‍රිතාන්‍යය කොවිඩ් ප්‍රභේදය රට තුල ව්‍යාප්ත වන බවට සැකයක් : ව්‍යාප්තවන ප්‍රභේදය හඳුනා ගැනීමට විශේෂ PCR පරීක්ෂණයක් - වෛද්‍ය චන්දිම ජීවන්දර

 මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වලදී වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීමට ඉවහල් වන S-ප්‍රෝටීන් හඳුනා ගැනී...


 මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වලදී වෛරසය ආසාදිතයින් හඳුනා ගැනීමට ඉවහල් වන S-ප්‍රෝටීන් හඳුනා ගැනීමේ අපහසුතාවයක් පෙන්නුම් කරන බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.


ඔහු සඳහන් කලේ බ්‍රිතාන්‍යය වැනි රටවල් වල ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීමේදී ද මෙවැනි S-ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් PCR පරීක්ෂණ වලදී පෙන්නුම් කළ බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.


මේ වන විට PCR පරීක්ෂණ වලදී S-ප්‍රෝටීන පරික්ෂා කිරීමට හැකි විශේෂ PCR පරීක්ෂණ කට්ටලයක් මෙරටට ගෙන්වීමට ඉල්ලුම් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන පරීක්ෂණ ලබන අඟහරුවාදා වන විට ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


එමෙන්ම මෙම පරීක්ෂණ කට්ටලය මගින් පැය එකක් සහ මිනිත්තු 40ක් වැනි කාලයක් තුල ප්‍රථිපල පෙන්නුම් ලබා ගත හැකි බවයි ඔහු සඳහන් කළේ.


එම පරීක්ෂණය මගින් මෙරට ව්‍යාප්ත වන කොවිඩ් වෛරස ප්‍රභේදයේ යම් විකෘති භාවයක් ඇතිවී ඇත්ද, නැත්නම් වෙනත් රටක ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයක් මෙරට තුල ව්‍යාප්ත වන බවට සැක හැර දැන ගත හැකි වනු ඇති බවයි වෛද්‍ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.


ගතවූ සති දෙක තුලදී මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, වැඩි වශයෙන් තරුණ ප්‍රජාවට කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවධානයක් පෙන්නුම් කරන බවයි ඔහු සඳහන් කළේ.


එමෙන්ම මෙරට රාජ්‍ය බැංකුවක ව්‍යාප්තවන කොවිඩ් ආසාදිතයින්ගේ ද S-ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් පෙන්නුම් කර තිබෙන බවත් එය එංගලන්තයේ ව්‍යාප්ත වන කොව්ඩ් ප්‍රභේදයට සමාන බවක් පෙන්නුම් කරන බවයි ආවාර්ය වෛද්‍ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.


මන්ද බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වන කොවිඩ් ප්‍රභේදයේ ද S- ප්‍රෝටීන හඳුනා ගැනීමේ අපහසුකමක් පෙන්නුම් කළ බවයි ඔහු සඳහන් කළේ. 


කෙසේ වුවත් රට තුල ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදය හඳුනා ගැනීමට නිසි පරීක්ෂණයක් සිදුකොට ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දිය හැකි බවයි ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කළේ.

nethnews

No comments

Ads Place