Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපරාධකරුවෙකුගේ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ රත්මලානේ පුද්ගලයෙක් අත්අඩංගුවට

 විදෙස් රටකට පලාගොස් සිටින අපරාධකරුවෙකුගේ මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ රත්මලාන, ධර්මාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලය...


 විදෙස් රටකට පලාගොස් සිටින අපරාධකරුවෙකුගේ මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ රත්මලාන, ධර්මාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙරටින් පලාගොස් සිටින ධර්මසිරි පෙරේරා නමැති අපරාධකරුට අයත් රුපියල් මිලියන 136 ක මුදලක් අදාළ සැකකරුගේ ගිණුමකට බැරකර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.


ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

No comments

Ads Place