Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය දෙවන දිනටත් ඇරඹෙයි

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්...



පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් අද දෙවන දිනට  සලකා බැලීම මීට සුලු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ආරම්භ විය.

ඒ අනුව පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ගෙ වැඩිදුර දේශන අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු බුවනෙක අලුවිහාරෙ, විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන, සහ විනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ විනිසුරු ජනක් ද සිල්වා යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බැලීම ආරම්භ විය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා මේ වන විට සමගි ජනබලවේගය,ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශවයන් 19 ක් විශේෂ පෙත්සම් කිහිපයක් ගොනු කර තිබෙනවා.

පෙත්සම්කරුවන්ගේ දේශන අවසන් වූ පසු අතරමැදි පාර්ශවයන්ගේ වාචික දේශන ඉදිරිපත් කිරීම සිදු වනු ඇත.

ඉන් පසු නීතිපතිවරයාගෙ දේශන ආරම්භ වීමට නියමිතයි.

nethnews

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් 

No comments

Ads Place