Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපති හීන දකින විජේදාස ආයෙත් පනින්යි හදන්නේ… ඔහුට නාම යෝජනා දෙනවාට මං කැමැති වුණේ නෑ…

  තිස් වසරක යුද්ධයක් නිමා කර, බෙදුම්වාදය  පරාජය කළ නායකයින් බලයේ සිටින අවස්තාවක රට පාවාදෙන අන්දමේ කිසිදු තීරණයකට ඉඩක් හිමි නොවන බව සංචාරක අම...

 


තිස් වසරක යුද්ධයක් නිමා කර, බෙදුම්වාදය  පරාජය කළ නායකයින් බලයේ සිටින අවස්තාවක රට පාවාදෙන අන්දමේ කිසිදු තීරණයකට ඉඩක් හිමි නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරනය කරන්නේ රටේ ස්වෛරී භාවයට හා භෞමික අඛණ්ඩතාවයට අබමල් රේණුවකින් හෝ හානියක් වීමට වත්මන් ආණ්ඩුව ඉඩ නොතබන බව අවධාරනය කරන ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ විපක්ෂය ආණ්ඩුවට එරෙහිව රට තුල බොරු බීල්ලන් මවන බවයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රාමඥ්ඥ මහා නිකායේ මහනායක මකුලෑවේ විමල නාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“අපේ රට වැනි රටවල් දියුණු රටක් බවට පත්වෙනවා දකින්න බලවත් රටවල් අකමැතියි. බලයට පත්වෙන ආණ්ඩුවක් රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන තීන්දු තීරණ ගන්න අවස්ථාවලදී ඒ රටවල රාජ්‍ය නායකයෝ වෙනස් කරලා “ රෙජීම් චේනජ්“  කරන්න බලවත් රටවල් පියවර ගන්නවා. ඒක 2015දීත් කලා.ඒ අයට ඕන විදිහෙ පාලකයින් පිරිසක් පත් කරගෙන  ඒ අයට ඕන විදිහට රට කළා. දැන් ආයෙත් රටේ ආර්ථිකය ශක්තිමත් වෙන වැඩපිළිවෙළක් හදනකොට ඒ අයගේ ඉත්තෝ එළියට බැහැලා කෑගහනවා.  2015 දීත් ජනාධිපති අපේක්ෂකයෙක් “ඔහුව මරන්නයි ඉන්නේ, අඩි හයේ වලකට යවන්නයි ඉන්නේ” කිව්වා. අපේ ආණ්ඩුව පත් වුනාට පස්සේ එහෙම දේවල් සිද්ධ වුණාද. ඒ අය නම් දේශපාලන පළිගැනීම් කළා.දැනුත් ඒ විදිහට විදිහට රෙජීම් චේන්ජ් එකක් කරන්න බලන් ඉන්නේ.  අපි විපක්ෂයේ ඉන්න කොට යහපාලන ආණ්ඩුව රටට එරෙහි ව ගෙනා යෝජනා වලට විරුද්ධ වුණා. යහපාලන ආණ්ඩුව තරම් රට පාවාදුන්න ආණ්ඩුවක් ඉතිහාසයේ නැහැ. සමහර ගිවිසුම් පාර්ලිමේන්තුවටත් එළි කළේ නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. විනිවිදභාවයෙන් පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියනවා. මේ වෙනකොට ඒ කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්වෙලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබුණට පස්සේ ඒ තීරණයට අනුව නීති අණපනත් හදන තැන්වලට යොමු කරලා, නැවතත් කැබිනට් එකට ගෙනත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා අලූත් අදහස් හා යෝජනා එකතු කරලා විනිවිදභාවයෙන් කටයුතු කරන ආණ්ඩුවක්.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රිතුමා ජනාධිපතිවරයාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ දරුවෝ ගැනත් කතා කරා. එතුමගෙ දරුවෝ මොකද කළේ. ඒ කාණ්ඩෙ ම දරුවෝ ටික  එකතුවෙලා බාල බෙහෙත් ගෙන්නලා රටේ මිනිස්සුන්ට දුන්නා. හරි නම් ඒව ගැනයි කතා කරන්න ඕනේ. විජේදාස රාජපක්ෂ මහත්තයට නාම යෝජනා දෙන එකට මම නම් පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මැතිවරණ කාලේ පැනලා ගියා අයව කොහෙත්ම ගන්න එපා කියලයි මම නම් කිව්වෙ.මේ ආයෙත් පනින්නයි හදන්නේ.ජනාධිපති හීන දකින, පොදු අපේක්ෂක හීන දකින අය තමයි මේ විදියට දඟලන්නේ.

අනිත් කෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස. හම්බන්තොට වරාය සිද්ධියේදී කිසිම ශබ්දයක් කලේ නැහැ. ඒ වුනාට දැන් රටේ සම්පත් විකුණනවලු. රට පාවා දෙනවලු. මේ හැම කෙනෙක්ම රට පාවා දෙන කොට අපි තමයි ඒවා වළක්වන්න හිරේ විලංගුවේ වැටීගෙන කටයුතු කලේ. මේ හැමෝම බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් බලය ගන්න පුලුවන්ද කියන එක විතරයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් එල්ලකරන විවිධ චෝදනා සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් අමාත්‍යවරයා “එදා ප්‍රේමදාස ආණ්ඩුව තමයි කොටින්ට සල්ලි ආයුධ දුන්නේ වෙනම පලාතක් හදන්න. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න සජිත්ලා, චම්පිකලා උත්සාහ කළාට වැඩක් නෑ. වරාය නගරය පාලනය වෙන්නේ ශ්‍රී ලංකා රජයේ නීති රීති යටතේ. බොරු කියලා ජනතාව මුලා කරන්නයි පාටලීලා උත්සාහ කරන්නේ.” යැයිද පැවසීය.

No comments

Ads Place