Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පෞද්ගලික බස් රථවල දී සෞඛ්‍ය උපදෙස් පිලිපදිනවාදැයි විමසිල්ලෙන්

 අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම්බලා ගිය ජනතාව නැවත අගනුවර කරා පැමිණෙමින් සිටින බවත් එහිදි පුද්ගලික බස් රථවලට හඳුන්වා දී ඇති නිසි සෞඛ්...


 අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගම්බිම්බලා ගිය ජනතාව නැවත අගනුවර කරා පැමිණෙමින් සිටින බවත් එහිදි පුද්ගලික බස් රථවලට හඳුන්වා දී ඇති නිසි සෞඛ්‍යාරක්‍ෂීත උපදෙස් පිලිපදිනවාදැයි සොයා බැලිම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව පවසනවා.


අලුත් අවුරුදු සමයේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක අලුත් අවුරුදු විශේෂ බස් සේවාව ඉතා සාර්ථක වූ බවද හෙතෙම ප්‍රකාශ කළා.


සියලුම බස්රථ නිසි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ධාවනය කිරීමට බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් අවස්ථා ගණනාවකම දැනුවත් කර ඇති බවත් අනාරක්‍ෂිත ආකාරයට මගින් පටවාගෙන යන සහ සෞඛ්‍ය උපදෙස් නොතකා ධාවනය කරන බස් රථ සඳහා නිතිය තදින් ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා සඳහන් කළා.


මේ සම්බන්ධ මෙහෙයුම් ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව පැවසූ සභාපතිවරයා එවැනි පැමිණිලි ඇත්නම් 011 2860860 අංකයට දන්වන මෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් ද කරනවා.


මුව ආවරණ  සහ නියමිත දුරස්ථභාවය, තබාගෙන සෞඛ්‍ය අංශ ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් බස් රථවල ගමන් කරන මෙන් මගී ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

No comments

Ads Place