Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිවරයාට අවුරැද්දකින් දේශපාලනය එපා වෙලා.. නැවත මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියනවා…

  ‘ජනාධිපතිවරයාට රට හදන්න උවමනාව තිබුනත් පාර්ලිමේන්තුවේ අත්දැකීම් නොමැති නිසා රටේ ප්‍රශ්ණ වල සංකීර්ණභාවය ආර්ථික ප්‍රශ්ණ ජාත්‍යන්තර ප්‍රශ්ණ ප...

 


‘ජනාධිපතිවරයාට රට හදන්න උවමනාව තිබුනත් පාර්ලිමේන්තුවේ අත්දැකීම් නොමැති නිසා රටේ ප්‍රශ්ණ වල සංකීර්ණභාවය ආර්ථික ප්‍රශ්ණ ජාත්‍යන්තර ප්‍රශ්ණ පිළිබද අවබෝධයක් නෑ’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පැවසීය.

මහනුවර කුණ්ඩසාල සමගි ජන බලවේගය පක්ෂ කායාලය විවත කිරීමේ අවස්ථාවට  (14) සහභාගී වෙමින් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය.

මිත්‍රවරනි අද අපි යන තැන අපේ ඡන්ද දායකයෝ අපිට කියනවා අද සමාජයේ පොහොට්ටුවට ඡන්දය දුන්න කෙනෙක් නෑ කියලා. අද ඒ අයට ලැජ්ජයි පොහොට්ටුවට ඡන්දය දුන්නා කියන්න. අද රටේ තත්වය මේකයි. ඔබ තමුන්නාන්සේලා මේ ගැන හොදාකාරවම දන්නවා.අද ආණ්ඩුව අසමත්. මිත්‍රවරeණි අපි අවුරැදු 30 කට වැඩි කාලයක් දේශපාලනය කලා. නමුත් දේශපාලනය එපා වෙලා කිව්වේ නෑ. නමුත් අද රටේ ජනාධිපතිවරයාට අවුරeද්දකින් දේශපාලනය එපා වෙලා. නැවත දේශපාලනයට,මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කියනවා. බලයට පත්වුන අය කියනවානම් නැවත දේශපාලනය කරන්නේ නෑ කියලා මොකක්ද ඒකේ තේරeම, අසා¾ථක පාලනයක්. දැන් මේ අයට රට හදන්න උවමනාවක් නෑ මේ අයගේ එකම පොරය 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න.

ජනාධිපතිවරයාට වුවමනාව තිබ්බා රට හදන්න. නමුත් එතුමා පා¾ලිමේන්තුවේවත් හිටියෙ නැති නිසා එතුමා දන්නෙ නෑ රටේ ප්‍රශ්ණවල සංකී¾ණභාවය. ආ¾ථිකය, ජාත්‍යන්තර ප්‍රශ්ණ පිළිබද අවබෝධයක් නෑ. මිත්‍රවරeනි ජනාධිපතිවරයාට අවුරeද්දෙන් දේශපාලනය එපා උනානම් යුද්ධය කෙරeවෙ කවුද කියලා දැන් අපට හිතාගන්න පුලුවන්.

මේ රටේ ණය කන්දරාවෙන් 60 % ක් මහින්ද රාජපක්ෂ ගත්ත ණය. ණය අරන් මොකද කලේ. පෝට් සිටි එකක් හැදුවා. ඒකේ ආදායම එන්නේ 2030 න් පස්සෙ. හම්බන්තොට වරායත් එහෙමයි. ශත පහක ආදායමක් නෑ.

අද ආණ්ඩුවේ මන්ත්‍රිවරeන්ට ගමට යන්න බෑ කියලා පා¾ලිමේන්තුවේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරe මුණගැහුනම අපිට කියනවා. ආණ්ඩුව අද විශාල අ¾බුධයක ඉන්නෙ, තනිකර මහා බොරe කියලා ජනතාව නොමග යවලයි මේ ආණ්ඩුව බලයට පත්වුනේ. නාග රාජයෙක් පෙන්වලා බොරe මවා පාලා ජනතාව නොමග ඇරියා. අද ඒවගේ ප්‍රතිවිපාක තමයි මේ ආණ්ඩුවට ලැබිලා තියෙන්නේ.

අපේ ආණ්ඩුව කාලේ අපි ජනතාවට විශාල සහන රාශියක් ලබාදුන්නා· රජයේ රැකියා විශාල ප්‍රමාණයක් ලබාදුන්නා.පාසල් ලමුන් රක්ෂණය කෙරeවා.අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ පාලනය කෙරeවා. බඩු මිළ අඩු කලා. මේ වගේ විශාල වැඩ කොටසක් අපේ රජය යටතේ සිදු කලා.නමුත් වත්මන් ආණ්ඩුව බලයට පත්වෙලා කාලයක් ගතවුනත් අද ජනතාවට මොනවද සහන ලැබිලා තියෙන්නේ. මොනවත් නෑ.

මිත්‍රවරැණි අපේ කාලයේ බැදුම්කර ගණුදෙනුව පිළබද ප්‍රශ්ණයක් තිබුනා මම නෑ කියන්නේ නෑ. නමුත් අපි අපේ රජය කාලේම මේ ගණුදෙනුව සම්බන්ධයෙන්  නඩු දැම්මා. ජනාධිපති කොමිසමක් පවා පත් කෙරeවා.  ඒ අදාල සමාගමේ බැංකු ගිණුම් සියල්ලම සීල් කලා.  ඒ ගිණුම්වල බිලියන 12 ක මුදලක් සීල් කරලා තිබෙන්නේ.  අදාල සමාගම  නඩුවෙන් වැරදිකරe වුනොත් ඒ පාඩුව අපිට නැවත ලබාගන්න පුලුවන්. නමුත් දැන් මේ සීනි ගණුදෙනුව කෝටි 1600 ක පාඩුවක්. අපි රජයට කියනවා වහාම අදාල අයට නඩු පවරන්න. නැතුව බෝලේ පාස් කර කර ඉන්න එපා. එදා ආණ්ඩුවට පාඩුවක් උනාම අපි වහාම අදාල අයට නඩු පැවරeවා වගේම මේ සීනි ගණුදෙනුවට සම්බන්ධ අයට නඩු පවරන්න . අද පත්තරයක තියෙනවා මේ සීනි ඕඩර් ඇවිල්ලා තියෙන්නේ ජනාධිපති මන්දිරයෙන් කියලා. පා¾ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති අනුර යාපා මහතා මහ බැංකුවවෙන් මේ සම්බන්ධව වා¾ථාවක් ඉල්ලුවා. මහ බැංකුව මොකද කියන්නේ බදු අඩුකල වාසිය ජනතාවට ලැබී නැති බවයි කියන්නේ.  බිලියන 16 ක්(කෝටි 1600 )ආණ්ඩුවට එම නිසා අහිමි උනා කියනවා .මහ බැංකුව වා¾ථාව එහෙම කියනවා. එම නිසා මේවාට සම්බන්ධ අයට වහාම නඩු පවරන්න.

පාස්කු වා¾ථාවේ බෙ!ද්ධ සංවිධාන තහනම් කරන්න නි¾දේශ කරලා තියෙනවා. මම ඒ කාරණය සම්බන්ධයෙන් තදින්ම විරeද්ධයි.  බෙ!ද්ධ සංවිධාන තහනම් කිරීම අපේ රටේ ජනතාවට විශාල  අගෙ!රවයක්.

මේ අයට මේ ආණ්ඩුව කරන්න බෑ. වත්මන් රජයට මේ ආණ්ඩුව දාලා යන්න වෙන තත්වයක් ඇති වෙනවා.මොකද මේ වසර අවසාන වෙන විට විශාල ආ¾ථික ප්‍රශ්ණ ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ ආණ්ඩුව හිතවතුන්ට උදව් කරන්න ගිහින් බිලියන 800 ක් නැති කරගත්තා. දැන් ඒ මුදල් හොයන්න ජනතාවට බදු පිට බදු ගහනවා.

1815 උඩරට ගිවිසුමෙන් අපේ රටේ ස්වාධීනත්වය නැති උනා. මහා පාවාදීමක් සිදු උනා එදා. ඒ පාවාදීමෙන් පසු 2009 දී තමයි නැවත විශාල පාවාදීමක් සිද්ධ වුනේ. මොකක්ද අත්සන් කල ගිවිසුම· යුද්ධය කාලේ සිදු වුන අතුරeදහන්වීම්, මිනීමැරeම් පිළිබද පරික්ෂණයක් පවත්වනවා කියලා බෑන්කී මූන් සමග ගිවිසුමක් අත්සන් කලා. නමුත් අද වෙනකන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පොරොන්දුව ඉටු කලේ නෑ. එතුමා ඇයි පොරොන්දු උනේ. එතුමාට එහෙම නොකර ඉන්න තිබුනා. අද ඒ පොරොන්දුව අපේ බෙල්ල වටේ එතිලා තියනවා.

– මාධ්‍ය ඒකකය

No comments

Ads Place