Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛද්‍ය හේමන්ත හේරත් දැරූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෙනත් අයෙක්

  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙනුවට එම ධූරය සඳහා හෙට සිට වෙනත් නි...

 


නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වෙනුවට එම ධූරය සඳහා හෙට සිට වෙනත් නිලධාරියෙකු පත් කර ඇති බව ඊයේ (8) පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.


ඒ අනුව, විශේෂඥ වෛද්‍ය එස්.එම්. ආනල්ඩ් මහතා එම ධූරයේ අද සිට රාජකාරි භාර ගැනීමට නියමිත බව පවසමින් හෙතෙම මෙසේ කීය..


“මම මෙතෙක් රාජකාරි ආවරණය කිරීමේ කටයුතු අවසන් කරනවා. එසේ නොමැතිව අලුත් තනතුරකට පුද්ගලයෙක් ඉවත් කරලා හෝ වෙනත් ආකාරයකින් එනවා නෙමෙයි කියන එක මම කියන්න ඕන,”


නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) I යන තනතුරෙහි තමන් කටයුතු කළේ වැඩ බලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස බවත් එම තනතුර සඳහා නිසි ලෙස පත් වූ විශේෂඥ වෛද්‍යවරයෙකු හෙට සිට රාජකාරි භාර ගන්නා බවත් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘මව්බිම’ පුවත්පතට අදහස් දක්වා තිබෙනවා.


ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයා ද වන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා එම තනතුරේ ඉදිරියටත් රාජකාරි කරන බව ද පැවසීය.

noizetv

No comments

Ads Place