Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බටහිර ජැටිය ගැන අදානී සමාගමෙන් නිල ප්‍රකාශයක්

  කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට එක්වන බව ඉන්දියාවේ අදානි සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ, සිය නිල වෙබ් අඩවියේ ඒ ප...

 


කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට එක්වන බව ඉන්දියාවේ අදානි සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.


ඒ, සිය නිල වෙබ් අඩවියේ ඒ පිළිබඳව සඳහනක් කරමින්.


අදාළ ලිපිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යාංශ මගින් තමන් වෙත ලැබුණු බව ද අදානි සමාගම එමගින් දක්වා තිබෙනවා.


බටහිර බහාලුම් පර්යන්තයේ සියයට 85 ක කොටස් අදානි සමාගම ඇතුළු පාර්ශව කිහිපයකට ලබාදෙන බවත් වරාය අධිකාරිය සහ ජෝන් කීල්ස් සමාගම සමග එක්ව එය සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවයි අදානි සමාගම මෙහිදී පෙන්වා දුන්නේ.


අදානි සමාගම සිදු කළ මෙම නිල ප්‍රකාශය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍ය ද වාර්තා කර තිබුණා.


වසර 35 ක බදු පදනම යටතේ කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කෙරෙනවා. එම පර්යන්තය ගොඩනැගීම සඳහා තමන්ට අවස්ථාව ලබාදීම පිළිබඳව අදානි සමාගමේ සභාපති ගෞතම් අදානී සිය ස්තුතිය ද පළ කර තිබෙනවා.


සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ අදහස් පළ කරමින් ගෞතම් අදානී පවසන්නේ, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් සමාගමට සිය කෘතවේදීත්වය පිරිනමන බවයි.


මෙම හවුල් ව්‍යාපාරය විශාල ඓතිහාසික අන්තර් සම්බන්ධතාවයක් ඇති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගැඹුරු උපාය මාර්ගික සබඳතාවල සංකේතයක් බව ද අදානි සමාගමේ සභාපති ගෞතම් අදානී සඳහන් කර තිබෙනවා.

No comments

Ads Place