Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සඳහිරු සෑය ස්තූපයේ නිධන් වස්තු තැන්පත් කිරීම එළඹෙන 28 වැනිදා!!!

  සඳහිරු සෑය ස්තූපයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය එළඹෙන 28 දින අනුරාධපුරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවත් එම ස්තූ...

 


සඳහිරු සෑය ස්තූපයේ හතරැස් කොටුවේ නිධන් වස්තු තැන්පත් කිරීමේ උත්සවය එළඹෙන 28 දින අනුරාධපුරයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවත් එම ස්තූපයේ නිධන් වස්තු තැන්පත් කිරීම සඳහා මේ මස 21 සිට 27(මාර්තු 21-27 ) දක්වා සැදැහැවතුන්ට අවස්ථාව සළසා ඇතැයි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා අද(16) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.


යුද්ධයේදී මිය ගිය සහ ආබාධිත තත්වය පත් වූ රණවිරුවන් වෙනුවෙන් මෙම චෛත්‍ය ඉදි කළ බවත් එම රණවිරු පවුල් වල සාමාජිකයන්ට , රණවිරුවන් සිහි කර මේ සඳහා දායක විය හැකි බවද ඔවුන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද ලේකම්වරයා පැවසීය.එළඹෙන නොවැම්බර් මාසය වන විට ස්තූපයේ වැඩ නිම කර ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සළසා දෙන බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.


වසර 1980 සිට අපේ රටේ ත්‍රස්තවාදී යුද්ධයක් පැවති අතර වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඍජු නායකත්වය හා මෙහෙයවීම මත 2009 මැයි 19 වැනිදා එම යුද්ධය විජයග්‍රහණය කිරීමට ආරක්ෂක හමුදාවලට හැකි විය.


2009 වසරේ යුද ජය සැමරීමත්, එම යුද්ධයේදි ජාති, ආගම් භේදවලින් තොරව දිවි පිදූ සියලු‍ දෙනා හට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කරගෙන, 2009 දී ජනපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම අනුව වත්මන් ජනපති එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ මෙහෙයවීම් හා අධීක්ෂණය ඇතිව අනුරාධපුරයේ මහ මෙවුනා උයනේ ‘සඳහිරු සෑය’ මහා චෛත්‍යය ඉදිවීම අරැඹිණි.


මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ වසර 30ක් පුරා පැවති යුද්ධය අවසන් කර ජනතාවට බලධාරින්ගේ නොසැලකිල්ල නිසා සිදු වූ පාස්කු ප්‍රහාරය මිස කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට මේ දක්වා ඉඩ නෙලැබුණු බවයි. මෙම යුද්ධයෙන් රණවිරුවන් 29,000ක් පමණ රණවිරුවන් පිරිසක් ජීවිත පූජා කළ බවත් , 60,000ක් පමණ පිරිසක් තුවාල ලැබූ බවත් 14,000ක් පමණ පිරිසක් ආබාධිත තත්වයට පත් වී සහ 5000ක් පමණ කකුල් අහිමි වී සිටී.


රුවන්වැලි මහා සෑයට පසුව ඉදිවන විශාලම දා ගැබ මෙය වන අතර මුළු ත්‍රිපිටකයම රන්පත් වල සටහන් කර දා ගැබේ නිදන් කර තිබෙන අතර තවත් සර්වඥ ධාතු සහ නිදන් වස්තු රාශියක් නිදන් කර තිබේ. ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්නගේ උපදෙස් මත හා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීම මත යුද හමුදා නව වෙනි ඉංජිනේරු සේවා රෙජිමේන්තු සිවිල් ඉංජිනේරුවරුන් ඇතුළු රණවිරුවන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් මෙම සෑය සඳහා ශ්‍රම දායකත්වය ලබා දෙයි.


මෙහිදී අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ මාර්තු 21 සිට නිදන් වස්තු භාර ගැනීම ආරම්භ කරන අතර ඒ සඳහා වෙනම මණ්ඩලයක් පත් කර ඇති බවත් නිදන් වස්තු භාරගැනීම ඉතා විනිවිදභාවයෙන් යුතුව සිදු කරන බවයි.


මෙම සියළුම කටයුතු සෞඛ්‍ය නීති රීතින්ට අනුකූලව සිදුවෙන බවද කීය. චෛත්‍යය සඳහා චූඩා මාණික්‍ය ධානපති ආතර් සේනානායක මහතා විසින් පරිත‍්‍යාග කර ඇති අතර චූඩා මාණික්‍ය මහජනතාවට වන්දනා කිරීම සඳහා ද අවස්ථාව ලබා දෙන බවද ආරක්ෂක ලේකම්වරයා කීය.

noizetv

No comments

Ads Place