Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

සවුදි අරාබි පිරිමින්ට රටවල් හතරකින් කසාද තහනම්

  සවුදි අරාබි පිරිමින්ට පකිස්තානය ,බංගලාදේශය, මියන්මාරය සහ චැඩ් යන රටවල කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කර තිබේ. දැනටමත් අදාළ රටවල කාන්තාවන් ...

 


සවුදි අරාබි පිරිමින්ට පකිස්තානය ,බංගලාදේශය, මියන්මාරය සහ චැඩ් යන රටවල කාන්තාවන් විවාහ කර ගැනීම තහනම් කර තිබේ. දැනටමත් අදාළ රටවල කාන්තාවන් ලක්ෂ පහක් පමණ සෞදි අරාබියේ නේවාසිකව සිටීම මීට අදාළ ප්‍රධාන හේතුව,බව ගල්ෆ් නිවුස් පුවත්පත වාර්තා කරයි.


සෞදි අරාබි පිරිමින් විදෙස් කාන්තාවන් විවාහ කරගැනීම අධෛර්යමත් කිරීම ද මෙම තහනමෙහි තවත් අරමුණක් බව සදහන් වේ.


අධිකරණ අවසරයක් ලබා ගැනීම ඇතුළු නීතිරීති රැසකට යටත්ව විදේශ රටවල කාන්තාවන් විවාහ කරගැනීමට සෞදි අරාබියේ පිරිමින්ට අවස්ථාව ලබාදී තිබේ.


කෙසේවෙතත්, නව තහනම හේතුවෙන් කිසිදු හේතුවක් මත අදාළ රටවල් හතරේ කාන්තාවන් විවාහ කර ගැනීමට සෞදි පිරිමින්ට අවස්ථාව නොලැබෙන බව සදහන් වේ.

nethnews

No comments

Ads Place