Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔෂධ සහ ලහිරු ශ්‍රී ලංකා දෙවන ඉනිමට ශක්තිය ගෙන දෙයි

  සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ඊයේ දිනය නිමාවනවිට සිය...

 


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ඊයේ දිනය නිමාවනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටියා. ශ්‍රී ලංකා දෙවන ඉනිම සවිමත් කළ ලහිරු තිරිමාන්න සහ ඕෂධ ප්‍රනාන්දු දෙවන කඩුල්ල සඳහා ලකුණු 162 ක අගනා සබඳතාවක් ගොඩ නැගුවා. ලහිරු තිරිමාන්න ලකුණු 76 යි. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 91 කට දැවී ගියා.


එම ලකුණු සබඳතාව වාර්තා වූයේ ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු කොදෙව් දූපත්හිදී ටෙස්ට් තරගයක ගොඩනැගූ හොඳම සබඳතාව ලෙසයි. එමෙන්ම ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනයේදි දෙවන කඩුල්ල සඳහා පිතිකරුවන් දෙදෙනෙකු ගොඩ නැගූ වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා. ඊයේ දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහරදෙන ධනංජය ද සිල්වා, ලකුණු 46 ක් සහ ටෙස්ට් වරම් දිනූ පැතුම් නිස්සංක ලකුණු 21 ක් ලබා සිටියා.  


ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 169 ක් රැස්කළ අතර කොදෙව් කණ්ඩායම ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 271 ක්. 


ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේවනවිට ලකුණු 153 ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගනයේදීයි.

nethnews

No comments

Ads Place