Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉස්ලාම් ආගම අනුව එම ඉස්ලාම් භක්තිකයන්ගේ මෘතදේහය පැය විසි හතරක් තුළ භූමදානය කළ යුතුයි-ස ජ බ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර්

  විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් මහතා පවසා සිට්යේ කොරෝනා නිසා මිය යන ම...

 


විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බකීර් මාකර් මහතා පවසා සිට්යේ කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ මෘත දේහයන් වසරක් තිස්සේම ආදාහනය කිරීම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බවයි.

එහිදී ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් ආගම අනුව එම ආගමිකයන්ගේ මෘතදේහය පැය විසි හතරක් තුළ භූමදානය කළ යුතු බවත් ඒ සදහා දේහය ගෙන යන විටදී පවා රිදවීමක් නොකර ගෙනයා යුතු බවත් තම ආගමික විශ්වාසය එසේ බවත් ඔහු පවසා සිටියේ. එහිදී ඔහු අවධාරණය කර සිටියේ මුස්ලිම් ජනතාවට වසරක් තුල කොතරම් අසහනයක් තිබුණේ දැයි බලධාරින් සිතා බැලිය යුතු බවයි.

මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඉමිටියාස් මහතා පවසා සිටියේ පකිස්ථාන අගමැතිවරයා මෙරටට පැමිණි පසුව එම මරණ භූමදානය කිරීමට අවසර ලබා දුන්නද ආණ්ඩුව නැවතත් විවිධ හේතුන් පවසමින් එම තීන්දුව පසුපසට දැමීමට උත්සහා කරණ බවයි.

lankaleadnews

No comments

Ads Place