කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්...
කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇති බැවින්කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව තීරණය කර තිබේ.
කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසා එය ගැටළුවක් වශයෙන් එම වැසියන්ට නොදැනේ.
කොළඹ මහ නගර සභාව ආරම්භ කර තිබෙන “කොළඹට ගසක් ඉතුරු කර ගනිමු” වැඩපිලිවෙල සහ පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “හුස්ම දෙන තුරු” රුක් රෝපණ වැඩසටහන ඒකාබද්ධ කරමින් ඉඩ කඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කර කොළඹ නගරයේ වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.
lakaleadnews
No comments