Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුර්කාව පැළදීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරනවා – ආරක්ෂක ඇමති

ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් වත්මන් රජය විසින් ගෙන ඇති අතර ඉන් එක් පියවර...


ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා පියවර ගණනාවක් වත්මන් රජය විසින් ගෙන ඇති අතර ඉන් එක් පියවරක් ලෙස බුර්කාව පැළදීම තහනම් කිරීමට කඩිනමින් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් විරසේකර මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ඊයේ (11) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.


පාස්කු ප්‍රහාරය සඳහා නැඹුරු වූ ආකාරය, අරමුණ, ප්‍රහාරය මෙහෙයවූයේ කවුද?, එයට මුදල් ලැබුනේ කාගෙන්ද?ඊට ලැබුනු දේශීය විදේශීය සම්බන්ධතා යන ප්‍රශ්ණවලට පැහැදිලිව මේ වන විට පිළිතුරු ලැබී තිබෙන බව ද හෙතෙම මෙහිදී සඳහන් කළේය.


ඒ අනුව මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග නුදුරු දිනයේ ගන්නා බවද අතර දැනට අත්අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් නවුෆර් නැමැත්තා පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාන්ව එම ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ පුද්ගලයෙකු ලෙස හදුනාගෙන තිබෙන බවද හෙතෙම කීය.

noizetv

No comments

Ads Place