Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ සහ මහනුවර වායු දූෂණය නිර්දේශිත මට්ටමත් ඉක්මවයි

  කොළඹ සහ මහනුවර නගර ආශ්‍රිතව පවතින වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටම පවා ඉක්මවා ගොස් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප...

 


කොළඹ සහ මහනුවර නගර ආශ්‍රිතව පවතින වායු දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත මට්ටම පවා ඉක්මවා ගොස් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ 


ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සංවිධාන කරන ලද මාධ්‍ය සම්මන්ත්‍රණයකට එක්වෙමින්. වායු ගෝලයේ ක්ෂුද්‍ර අංශු වර්ග මීටරයකට මයික්‍රෝ ග්‍රෑම් 50 කට අඩුව පැවැතිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයයි. එහෙත්, ඇතැම් අවස්ථාවල කොළඹ හා මහනුවර දිස්ත්‍රික්කවල මෙම තත්ත්වය 150 සිට 160 දක්වා ඉහළ යන අවස්ථා ද පවතින බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. 


මහනුවර නගරය කඳු යායකට මැදිව පවතින බැවින් එහි වායුගෝලයේ පවතින ක්ෂුද්‍ර අංශු ඉවතට ඇදී යාමක් සිදු නොවේ. කොළඹ නගරය ආසන්නයෙන්ම සාගරය පවතින බැවින් හමා එන සුළං හේතුවෙන් ක්ෂුද්‍ර අංශු වායුගෝලයේ රඳා පැවතීමක් ද සිදු නොවේ. කෙසේවෙතත්, ඇතැම් අවස්ථාවලදී ඉන්දියාවේ සිට හමා එන සුළං දහරාවන් සමග එහි වායු ගෝලයේ පවතින ක්ෂුද්‍ර අංශු කොළඹ නගරයට බලපෑමක් එල්ල කර තිබෙනවා.


කෙසේවෙතත්, වායු දූෂණයෙන් සියයට 65 කටම වගකිව යුත්තේ වාහනවලින් නිකුත් කරන දුම් බැවින් කොළඹ නගරයේ හා මහනුවර දිස්ත්‍රික්කය මෙන්ම කුරුණෑගල හා ගාල්ල නගර සීමාවල ද තත්ත්වය ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතින බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ. 


එබැවින් කොවිඩ් 19 අවසන් වුවත්, මහනුවර නගරයේ දරුවන් හා වැඩිහිටියන් මුව අවාරණ පැළඳිය යුතු තත්ත්වයක් පැන නැගීඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා. ඉදිරි අයවැය ලේඛනයේදී මෙරටට වාහන ආනයනයට අවසර දෙන්නේ නම් විදුලි බලයෙන් හා සූර්යය බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට රජයේ අවදානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


දැනට වායු තත්ත්වයන් මනින ස්ථාන 02 ක් පමණක් ඇති බැවින් එම ස්ථාන සංඛ්‍යාව 10 දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා. 

No comments

Ads Place