Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දිගු කාලීන ගැටළුවලට විසදුම විධිමත් සංවර්ධනය බව ජනපති කියයි

 දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම් විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ...


 දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම් විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.


ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ ද රජය ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නුගේගොඩ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුවක් අමතමින්.


තමන් ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.


එහෙත්, ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැති පිරිසක් අද ඊට පහර ගසමින් සිටින බවයි ජනාධිපතිවරයා පවසන්නේ.


කුමන බාධක සහ විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ අඩපණ නොකරන බව පැවසූ ජනාධිපතිවරයා අවධාරණය කළේ බොරු ප්‍රචාරවලින් ජනතාව මුලා කිරීමට ඉඩ දිය නොහැකි බවයි.


වත්මන් රජය බලයට පැමිණ මාස 16 ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිළි ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකර තිබෙනවා.


පසුගිය ජනාධිපතිවරණයේදී රටේ ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ එම වෙනස බවයි ජනාධිපතිවරයා පැවසුවේ.


ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සංස්කෘතිය, අපේකම, දේශීයත්වය රැක ගැනීමට මෙන්ම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ද රජය විශාල වැඩකොටසක් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළා. 

nethnews

No comments

Ads Place