Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිවරණ කොමිෂන් සභාවෙන් නව නීති

  දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී එම පක්ෂවල නිල නාම යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන්නේ නම් එවැනි පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ ...

 


දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී එම පක්ෂවල නිල නාම යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන්නේ නම් එවැනි පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.


ලියාපදිංචි වී ඇති දේශපාලන පක්ෂවල නිල නාම යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කොට ඇත්නම් එය සංශෝධනය කිරීම සඳහා කාලසීමාවක් ලබාදීමටයි මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත්තේ.


පවතින නීතිය අනුව දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනු ලබන්නේ ජාතික පක්ෂයක් ලෙසයි.


මේ අතර වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පුද්ගලයින්ට මාස 3ක් ඇතුළත ඡන්දබලය ලබාදිම සදහාද මැතිවරණ කොමිෂමේ අවධානය යොමුව තිබෙනවා.


ඊට අදාළ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.


මේ අතර 1985 වසරේ සිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති යුද වාතාවරණය හේතුවෙන් යාපනය හා වන්නි මැතිවරණ කොට්ඨාසවල ජීවතුන් අතර නොමැති පුද්ගලයින් සම්බන්ධයෙන්ද මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා පැවති සාකච්ඡාවේදී අවධානය යොමුකර තිබෙනවා.


ඔවුන්ගෙන් යම් අයෙකු ජීවතුන් අතර සිටීනම් 2021 ඡන්ද හිමි නාමලේඛනයට ඔවුන්ගේ නම් ඇතුළත් කිරීම සදහා ඉල්ලුම් කිරීමටද අවස්ථාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

No comments

Ads Place