Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැණික් කර්මාන්තයේ නියැලෙන පතල් කම්කරුවන් උදෙසා විශ්‍රාම වැටුප් ක්‍රමයක්

  මැණික් කර්මාන්තයේ නියැලෙන පතල් කම්කරුවන් උදෙසා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා...

 


මැණික් කර්මාන්තයේ නියැලෙන පතල් කම්කරුවන් උදෙසා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.


ඊට අදාල මූලික සාකච්ඡාවක් ලග්ගල ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කර තිබෙනවා. 


ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාඋල ප්‍රාදේශීය නිලධාරී ඒ. සංජීව කියා සිටියේ මැණික් පතල් රැකියාවේ නිරත වී පසුව අසරණ භාවයට පත්වන කම්කරුවන් වෙනුවෙන් මෙය මහඟු පිළිසරණක් බවයි. 


ඒ අනුව මෙරට පතල් කම්කරුවන් උදෙසා සහන සැලසෙන විශ්‍රාම වැටුප් ක්‍රමය සකස් කිරීමේ කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 


පළමු පියවර යටතේ කම්කරුවන් දෙසිය පනස් දෙනෙකුට ආරක්ෂණ හිමිකම් පත් ලබාදීමට නියමිතයි. 


ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නාඋල ප්‍රාදේශීය නිලධාරී ඒ. සංජීව කියා සිටියේ මැණික් පතල් කර්මාන්තයේ අඛණ්ඩව නියැලෙන කාන්තාවන් පිරිසක්ද මෙම වැඩසටහනට ඇතුලත් කර ගන්නා ලෙස ඉල්ලා ඇති බවයි. 


ඒ අනුව ඉදිරියේදී රට පුරා වෙසෙන පතල් කම්කරු කාන්තාවන් ද මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට ඇතුලත් කරගැනීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

nethnews



No comments

Ads Place